(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල සහ යාපනය යන ප්‍රදේශවල මේ වන විට සාර්ථකව අර්තාපල් වගා කරන අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයද අර්තාපල් වගාවට සුදුසු භූමියක් බවට සනාථ කර ගැනීමට හැකිවූ බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලියු .එම් .එස් වන්නිනායක මහතා පැවසීය.
පුත්තලම වැනි උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයකට ගැලපෙන අර්තාපල් ප්‍රභේදයක් වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව අධ්‍යනයක නිරත වීමේන් පසුව “ප්‍රතඩා‘‘ නැමති අර්තාපල් ප්‍රභේදය වනාතවිල්ලුවට ගැලපෙන බවට තොරතුරු වලින් සනාථ වූ බව ඒ මහතා සඳහන් කළේය.
තෝරාගත් ගොවීන් පිරිසක් සමඟ අර්තාපල් ප්‍රබේද ගණනාවක් අරඹා එයින් සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට වනාතවිල්ලුව ගොවිජන සේවා ඒකකයේ කෘෂිකර්ම උපදේශක කේ.රෝහිත සංජීව මහතා සමත් වී තිබේ .
සාර්ථකව අර්තාපල් වගාකරුවකු වන තුසිත රුවන් කුමාර මහතා මේ පිළිබඳව මෙසේ පැවැසීය.
‘‘මම අර්තාපල් වගාව මීට කලින් කර නැහැ. කෘෂිකර්ම උපදේශක මහත්තයාගේ උපදෙස් මත තමයි අපි මේ වගාව පටන් ගත්තේ. මේ වන විට වගාව ඉතාම සාර්ථක ලෙස සිදුකෙරෙනවා.
මුල් වතාවේ කිලෝ සියයක් විතර තමයි කළේ. ඉතින් ඉදිරියට මෙහිඇති සාර්ථකත්වය නිසා තව ප්‍රමාණයක් කරන්නයි බලාපොරොත්තුව. මීට කලින් වගාකළේ කැකිරි, කොමඩු, මෑ වැනි බෝග තමයි. නමුත් අලුත් අත්දැකීමක් නිසා අර්තාපල් වගාවට යොමු වුණා. දැනට අපි හිතුවටත් වඩා මෙම වගාව සාර්ථකව සිදුකරනවා.‘‘
වනාතවිල්ලුව ගොවිජන සේවා ඒකකයේ කෘෂිකර්ම උපදේශක කේ.රෝහිත සංජීව මහතා මෙසේ පැවැසීය.
“මේ මේ කටයුත්ත සඳහා අපිට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විශේෂ සහයෝගයක් ලබා දුන්නා . එය මේ කටයුතු මේ ආකාරයෙන් කරගෙන යාමට හැකිවුණා . ඒ වාගේම මෙම කටයුත්තට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ ඇති එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ මුල්‍ය දායකත්වය ලැබීම තවත් සාර්ථක වෙන්න පුළුවන් වුණා.
අනික මේ අර්තාපල් වගාව පුත්තලම දිස්ත්‍රික්කයට අලුත් දෙයක් නිසා වගාකරුවන් එකවර කැමති කර ගන්න බැරි වුණා . කෙසේ නමුත් මේ අභියෝගය ජය ගන්න සුදානම් පිරිසක් සමඟ සාර්ථක ගමනක් එන්න ලැබීමත් අර්තාපල් වගාව වනාතවිල්ලුවේ සාර්ථක කර ගන්න හැකිවිමත් ලොකු ජයග්‍රහණයක්‘‘ යැයි ඔහු පැවසිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ අල්ලලා යනවානම් පහුවෙලා අලවිකරගන්න බැරුව කුනුවෙනවෝ කියලා කෑගහන්නේ නැතුව පොටටෝ චිප් වලට ෆ්‍රෙන්ච් ෆ්ර්යිස් වලට අලකපන මැසිමකුත් සවිකලා නම් කොළඹ හතේ නෝනලට, අත පුරා වියදම් කරලා උජාරුවට කන්න පුළුවන් කෑමක් හදන්න පුළුවනි,
මෙතරම් සරු පොලොවක් තිබියදී නේද අපි පිටරටින් සෑම දෙයක්ම ගෙන්වන්නේ. දැන්වත් ආහාරවර්ග ආනයන කිරීම් නතරකර වගා කරමු
උඩරට සහ යාපනයේ අර්තාපල් වගාව ඉතා සරුවට කෙරෙන බැවින් රටේ අවශ්‍යතාවය සැපයිය හැක. එසේ තිබියදී පිට රටින් අල ගෙන්වන්නේ ඇයි...? දැනටමත් යාපනයේ අල ගොවීන්ට අල විකුණා ගැනීම පිලිබඳ ගැටළු මතුවී ඇත. ආනයන බද්ද වැඩි කිරීම නොව ආනයනය මුළුමනින්ම තහනම් කල යුතුය.
ගොවියෝ අසරණයි. බලන්න මේ අයවැය. කෘෂිකර්මෙට සහන නැ. එළවලු ටික විකුණන්න බැරිව කුණු වෙනවා. ඒවාට විසදුම් නැ. ගොවි විශ්‍රාමේ රුපියල් 1200 මාසයක් කන්න. ඒ වුනාට සුනඛයන්ට මුදල් වෙන් කරලා.
ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලත් තියෙන්නේ විවෘත ආර්ථිකේ තමයි. ඒත් එරටේ වැවෙන්නේ නැති කිසිම දෙයක මහා පරිමාණයෙන් ආනයනය කරන්න දෙන්නේ නැහැ.. නිෂ්පාදනය කරන්න බැරි දෙයක් හෝ අඩු ප්‍රමාණය තම ආනයනය කරන්න ඉඩ දෙන්නේ. එක වතාවක් සුළි සුළගකින් රටේ කෙසේල් වගාව විනාශ වුණා. නමුත් කෙසෙල් පිටරටින් ගෙන්න දුන්නේ නැහැ... මිල ඉතාම ඉහල අගයකට ගියත්, ගොවීන්ව රැකගන්න ඕනේ නිසා පිටරටින් ගෙනාවේ නැහැ..