IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


රතන හිමි ඇතුළු හතළිස් නමක් මාරාන්තික උපවාසයක

රිෂාද්-සාලි-හිස්බුල්ලා ඉවත් කරනු 

 

(දයාසීලි ලියනගේ)  

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා හා අසාද් සාලි, ඒ.එල්.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා හතළිස් නමක් පසුගිය සිකුරාදා (31) සිට මහනුවර දළදා මාලිගාවේ මහමළුවේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.   

මෙම උපවාසයේදී රතන හිමියන් ජලය ආහාරපාන වැළඳීමෙන් වැළකී සිටින බව සංවිධායක මණ්ඩල ප්‍රකාශකයෙක් කීය.  


අදාළ තිදෙනා වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් හිමිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට ඉකුත් 22 වැනිදා ලිපියක්ද බාරදී තිබුණි.  
එම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඉහළම පියවරක් ගනු ලබන බව රතන හිමියෝ ප්‍රකාශ කර සිටියහ.  


රතන හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ උපවාසය ආරමභ කළේ එම තීන්දුවෙන් පසුවය. එම අවස්ථාවට අති විශාල පිරිසක් සහභාගිවී සිටියහ.  


දළදා මාලිගාව ඇතුළතදී අධිෂ්ඨාන පූජාවකට සහභාගිවූ උන්වහන්සේට භික්ෂුන් වහන්සේ පිරිසක් සෙත් පිරිත් සජ්ජායනා කිරීමෙන් පසු මහමළුවට පැමිණ උපවාසය ආරම්භ කළහ. සිකුරාදා උදෑසන සිටම කිසිදු අහාරයක් නොගත් රතන හිමියන් රටේ ජනතාව වෙනුවෙන් මෙම තිදෙනා ඉවත් කරන තෙක් ජීවිත පූජාවෙන් උපවාසය කිරීමට තීරණය කර ඇතැයිද සංවිධායක මණ්ඩලය කියයි.   

 



අදහස් (0)

රතන හිමි ඇතුළු හතළිස් නමක් මාරාන්තික උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 293 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 322 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site