IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගුරුකන්ද විහාරයේ භාරකරුට තර්ජනයක්

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලකයන් ඇතුළු පිරිසක් විහාර භූමියේ ඇති කෝවිල වෙත පැමිණ අද (11) පූජාවක් සිදුකළ බව විහාරයේ දායක සභාව පවසයි.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කර කෝවිලේ පූජාවක් කිරීමට උත්සහ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ තාවකාලික භාරකාර කැලුම් බංඩාර තරුණයා පවසා සිටියේ වර්තමාන විහාරාධිපති නාහිමියන් පන්සලේ නොසිටි බවත් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවයි.

අද (11) රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පූජාවක් කරමින් සිටින අවස්ථාවේ කෝවිලේ පිරිසක් පැමිණ තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත් ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්ද එහි සිටි බවත් එහිදී තමන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බවත් එම තරුණයා පැවසීය.

එම අවස්ථාවේදී විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා සිටි බවත් එම තරුණයා වැඩි දුරටත් පැවසීය.

 

 



අදහස් (17)

ගුරුකන්ද විහාරයේ භාරකරුට තර්ජනයක්

Perakum Friday, 11 October 2019 04:40 PM

බෞද්ධයන් මොන කෙහෙල්මලකටද පන්සලේ දේවාල කෝවිල් හදන්නේ..? බොහෝ පන්සල්වල බුදු මැදුරට වඩා දේවාලයට ඉහළ තැනක් දීලා තියනවා. ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් ඒවායේ ආවතේව කරනවා. බුදු මැදුරට ඒ සැලකිල්ල නෑ. වගකිවයුත්තේ බෞද්ධයින්ම මිස අන්‍යාගමිකයින් නොවේ...

:       435       352

කරුණාරත්න Friday, 11 October 2019 05:14 PM

ඔයාට වලිගේ පෑගිලා. ගුරුකන්ද ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානක්. ද්‍රවිඩ අයයි බලෙන් එතන කෝවිලක් හැදුවේ. ප්‍රතිචාර දාන්න කලින් මුල ඉඳලා ඉතිහාසය හොඳට ඉගෙනගන්න.

:       0       0

gayanSaturday, 12 October 2019 12:37 AM

මේක පන්සල් ඇතුලේ කෝවිල් හදන එක ගැන මගුලක් නෙමේ .... අපේ රටේ අපිට ජීවත් වෙන්න බැරී එක ගැන ප්‍රශ්නයක්

:       124       140

PerakumSaturday, 12 October 2019 10:14 AM

ගයාන්හොඳට හිතල බලන්න මේ තත්ත්වය ඇතිකර ගත්තේ සිංහල බෞද්ධ යයි කියාගන්නා අපිම නේද..

:       17       27

AsankaSaturday, 12 October 2019 06:13 AM

නොදන්නා දෙයක් කියවන්න එපා හලෝ .. ,මේක බෞද්ධයො අටවගත්ත කෝවිලක් නෙමේ හලෝ .. මෙතන බලහත්කාරෙන් පන්සල් භුමිය ද්‍රවිඩයන්ට අයිති භූමියක් කියල පුරාවිද්‍යා එකෙත් , ප්‍රාදේශීය සභාවේත් සහයෝගය අරන් උපක්‍රමශීලිව හදපු කෝවිලක් තිනෙන්නේ , තමුන් උපන්නේ අද උදේද ??

:       0       0

krishanthaSaturday, 12 October 2019 02:47 PM

අනේ පැරකුම්. වගේ රටේ සිද්ධ වෙන දේවල් ගැන මෙලෝ හාන්කවිසියක් නැති අයත් චන්දෙ දෙනවනේ අප්පා .ලංකාවට දෙය්යන්ගේම පිහිටයි .

:       0       18

සේන Friday, 11 October 2019 04:43 PM

අපටත් ⁣රජෙක් බිහිවනතුරු නටපල්ලා...

:       745       807

බණ්ඩාර Friday, 11 October 2019 05:03 PM

කොන්ද නැති පාලකයන් ඉන්නකන් ඔහොම නටපල්ලා. තව දින 35 යි...

:       898       1149

NuwanSaturday, 12 October 2019 06:15 AM

ප්‍රභාකරන් එලොව යවපු දාම මේ වගේ අන්තවාදී ඉලම්වාදීන් සේරම ඔහුත් සමග යවන්න තිබ්බේ ඒ ලෝකෙටම , ඒ වෙලාවේ කවුරුවත් එපා කියන්නේ නැහැ , එහමනම් අද සාමාන්‍ය සිංහල දෙමල ජනතාව සහයෝගෙන් ඉන්නවා ..

:       0       0

Priyantha Friday, 11 October 2019 05:27 PM

සමහර කාලකන්නි මේකත් උන්ගේ බංකොලොත් දේශපාලනයට ගාවාගන්න හදනවා. වැලේ වැල් නැතුව ඉන්න ගොන් වහල්ලු අපවත් වී වදාල මහා නාහිමියන්ගේ දේහයත් විකුණන් කෑවා. ඒත් මේ අයගේ නායකයන් වෙන්න ඉන්න අවස්ථාවාදී බඩගෝස්තරයන් පල්ලි ගානේ ඡන්ද හිඟාකනවා. එහෙම අයටද රජවරු කියන්නේ?

:       608       1045

අමුතුපරපුර Saturday, 12 October 2019 06:56 AM

වැලේ වැල් තියෙන උන් ඔච්චර පුරාන පන්සල ක කෝවිලක් හදල එකේ අයිතිවාසිකම් කියනකල් වැලේ එල්ලිලා හිටියා

:       0       11

Kumar Friday, 11 October 2019 07:15 PM

ජාතිවාදීන්ට ඉඩදෙන්න එපා. යුද හමුදා ඒකකය තිබෙන්නේ පාරේ අනෙක් පැත්තේ නේද? ඔය එක එක බංකොලොත් දේශපාලුවන්ට බයවෙන්න එපා.

:       0       0

wana Saturday, 12 October 2019 04:06 AM

ආරක්ෂාවට බල්ලන් ගත්තා නම් මීට වඩා හොඳයි.

:       0       12

samira Saturday, 12 October 2019 06:11 AM

නියම බුදු වදන් පිළිපදින අය හැටියට දැන් අප කලයුත්තේ කුමක්ද කවුරු හරි මට පහදා දෙන්න

:       0       0

Dharmasiri Saturday, 12 October 2019 08:58 AM

දුක හිතෙනවා පොලිස් නිලධාරීන්ට ඇගිල්ල දික් කරලා කනට ගහන්න වගේ කතා කරන හැටි දැක්කම .අපොයි පාලකයෝ රටට කල විනයක්

:       1       44

Hemal Sunday, 13 October 2019 02:32 AM

මම මගේ ජන්දය දෙන්න පෙර දෙපාරක් සිතමි.

:       0       0

Bamunuarachchi Sunday, 13 October 2019 04:51 AM

එජාපයෝ දෙමළ ඡන්ද බලාගෙන සිංහලයව පාවාදෙනවා. සිංහලයනී මේවා ගැන හිතන්න. නුඹලාට තිබෙන්නේ මේ රට පමණි. දෙමළ අයට ඉන්දියාව තිබෙනවා. මුළු සිංහල ඉතිහාසයම මකා දමන්න එජාපයෝ දෙමළ අයට පොරොන්දු වෙලා තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 283 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site