IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් ප්‍රකාශ කිරීම

2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ පළමු ජයග්‍රායකයින් තිදෙනා පසුගියදා ප්‍රකාශයට පත් වුණි. නීති විරෝධීව මුහුදු මගින් සිදු කෙරෙන සංක්‍රමණයේ භයානකකම ශී්‍ර ලාංකීය නව සිනමාකරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණශීලීව දැක්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

මුහුදු මගින් සිදු කෙරෙන මිනිස් ජාවාරමෙහි ඇති භයානකකම ගැන මහජනතාව දැනුවත් කිරීමට ඇති නිර්මාණශීලී මාවතක් බව මෙම කෙටි චිත්‍රපටි තරගය සැලකිය හැකි බව ඕස්ටේ්‍රලියානු ස්වෛරී දේශ සීමා මෙහෙයුම් සාධක බලකායේ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් මාක් හිල් RAN පවසා සිටියේ ය.

2021 කෙටි චිත්‍රපටි තරගාවලිය ඉතා ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. අපි බලාපොරොත්තු වුනාටත් වැඩි ඉතා විශාල ප්‍රතිචාරයක් මේ  ස`දහා ලැබුණු අතර ඉන් සමහරක් — නීති විරෝධී සංක්‍රමණයට කිසිදු අවස්්ථාවක් නොමැත — යන මැයෙන් අප විසින් සිදු කරන ලබන දැනුවත් කිරීමේ ව්‍යාපෘති සඳහා ද දායක කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා
ඕස්ටේ්‍රලියාවේ ශක්තිමත් දේශ සීමා ආරක‍ෂණ ප්‍රතිපත්ති ගැන දැනුවත් කිරීම, මිනිස් ජාවාරම් කි්‍රයාකාරකම්වලට එරෙහි වීම, නොදැනුවත් බව නිසා අවදානම් ගමනක යෙදී ජීවිත අනතුරේ හෙලා ගැනීමට උත්සාහ කරන තැනැනත්තන් ඉන් වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ අපේක‍ෂාවයි.

මුහුද මගින් සිදුකෙරන නීති විරෝධී සංක්‍රමණයේ ඇති භයානකකම ගැන ජනතාව දිගින් දිගටම දැනුවත් කිරීමට මෙම කි්‍රයාවලිය වැදගත් වන අතර ඒ නිසා මිනිස් ජාවරම්කරුවන්ගේ බොරුවලට රැවටී මුහුද මැද තම ජීවිතය අනතුරේ හෙලා නොගෙන සිටීමට ජනතාවට හැකිවන බව රියර් අද්මිරාල් මාක් හිල් තවදුරටත් පැවසීය.
ඕස්ටේ්‍රලියාවට මුහුදු මගින් සිදු කෙරෙන නීති විරෝධි සංක්‍රමනය යන තේමාව යටතේ සිදුකළ සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක වෑයම ඇගයීමට ලක්කරමින් සිදු කළ මෙම මෙම ප්‍රකාශය සමාජ මාධ්‍යවල ද පළ විය.

පළමු ජයග්‍රාහකයින් තිදෙනා
1 වන ස්ථානය - කේ.ප්‍රභූ ( Thundu Pirasuram)
2 වන ස්ථානය - එස්.එස්.කේමාල් ( Roller)
3 වන ස්ථානය - කේ.කිශාන්ත් (Zero)

අපගේ තරගෙය් ත්‍යාග වශයෙන් පළමු ජයග්‍රහාකයාට සම්පූර්ණ සිනමා කැමරා කට්ටලයක් ද දෙවන ජයග්‍රාහකයාට ඩ්‍රෝන් කැමරාවක් ද? තුන්වන ජයග්‍රාහකයාට ගෝ ප්‍රෝ ඇක්ෂන් කැමරාවක් ද හිමි වනු ඇත. ඊළග දස දෙනාට වටිනා සහතික පත්‍ර ද ප්‍රදානය කෙරෙයි.

2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගය ස`දහා අයදුම්පත් 2020 දෙසැම්බර් මාසයේ සිට 2021 පෙබරවාරි දක්වා සිංහල හා දෙමළ යන දෙඅංශයෙන්ම අයදුම්පත් කැ`දවීම සිදු කරන ලදි.

අවසන් වටයට තේරී පත් වූ සියලූ දෙනාට අපගේ සුබ පැතුම්.



අදහස් (1)

2021 Zero Chance Stories කෙටි චිත්‍රපටි තරගයේ ජයග්‍රාහකයින් ප්‍රකාශ කිරීම

Keshan Monday, 09 August 2021 08:20 AM

ඔන්න ඔය ඔරලෝසුව ගේන්න

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site