ශ්‍රි ලාංකීය සිනමාව, එය වර් තමානයේ මුහුණ දී පවතින අර් බුදකාරී තත්වයෙන් මුදවා ගැනීමට දක්ෂ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් රැසක් උත්සාහ ගනියි. ඔවුන්, තමන්හට ලැබෙන පිරිවැය මත, ලාංකික ප්‍රේක්ෂකයන් උදෙසා උසස්  රසවින්දනයෙන් යුතුවූ නිර් මාණ ලබාදීමට උත්සාහ කරයි. නමුත් තරුණ ප්‍රජාවගේ අවධානය මේ සඳහා ලබාගැනීමට අපහසු වී ඇත්තේ ඔවුන් අන්තර් ජාල විකාශන මාධ්‍ය ඔස්සේ විකාශනය වන්නාවූ නව තාක්ෂණයෙන් පරිපූර් ණවූ අන්තර් ජාතික සිනමා පට නැරඹීමට යොමුවී ඇති නිසාවෙනි. මෙවැනි අන්තර්ජාල විකාශන මාධ්‍ය පිළිබඳ විවිධ විවේචනයන්  පැවතුනද අප කල යුත්තේ ලාංකික සිනමාවේ හෙට දවස සුබදායි කර ගැනීම පිණිස මෙම විකාශන මාධ්‍යයන් භාවිතා කිරීමයි.

“Back to Elephant walk,” තිකෝ ෆිල්ම්ස් ලාංකික සිනමාවේ උන්නතිය උදෙසා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත දායද කරන්නාවූ පළමු සිනමා සිත්තමයි. තිකෝ ෆිල්ම්ස්, තිකෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන අතර තිකෝ සමූහ ව්‍යාපාරය යනු තිකෝ කන්ස්ට්‍රක්ෂන්ස්, තිකෝ රියල් ස්ටේට්, තිකෝ ජෙම්ස්, තිකෝ ට්‍රේඩින් සහ තිකෝ ෆිල්ම්ස් යන සාර් ථක ව්‍යාපාර පහකින් සමන්විත සමාගමකි. එම සමූහයේ සභාපතිනිය වශයෙන් තිළිණි ප්‍රියමාලි මහත්මිය හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉසුරු බණ්ඩාර මහතා ශ්‍රී ලාංකික සිනමාවේ උන්නතිය උදෙසා තම ධනය හා ශ්‍රමය නිර් ලෝභීව වැය කරන කීර් තිමත් ව්‍යාපාරික දෙපළකි.

තිකෝ ෆිල්ම්ස් මෙවැනි ආයෝජනයක් කිරීමට මුලපුරනු ලබන්නේ ලාංකීය සිනමා ක්ෂේත්‍රය උදෙසා ආයෝජනයක් කිරීමට හෝ ඒ අවදානම ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන අභියෝගකාරි වකවානුවකයි. මෙම ආයෝජනය සිදුකරන්නේ අන්තර් ජාතික සිනමාව ජය ගැනිම උදෙසා වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. එමෙන්ම, මෙම සිනමා පටය අන්තර් ජාල  විකාශන මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමටද නියමිතයි. එමගින්, විදෙස් සිනමා නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් නව නිෂ්පාදනයන් සහ නිර්මාණ සඳහා ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට තිකෝ ෆිල්ම්ස් අපේක්ෂා කරයි. මේ ඔස්සේ අන්තර් ජාතික සිනමා ප්‍රේක්ෂකයන්, විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මෙන්ම ලාංකීය තරුණ ප්‍රජාවේ ආකර් ෂණය හා අවදානය දිනාගැනීමට බලාපොරොත්තු වෙයි.

සංචාරක හෝටල් ජාලයකට හිමිකම් කියන වින් ස්ටෝන් ලයිෆ් ස්ටයිල් ආයතනය, 2019 වසරේ මෙම සිනමා පටයේ පර් යේෂණ කටයුතු ආරම්භයේ  සිට අද දක්වාම මෙය යතාර් ථයක් කරගැනීම සඳහා සහාය ලබාදෙයි. එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර් ධන අධිකාරිය ලබාදෙන සහාය සහ දායකත්වය අතිමහත්‍ ය. කඩාවැටුන සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙම සිනමා පටය රුකුලක්වේයයි තිකෝ ෆිල්ම්ස් විශ්වාස කරයි. මෙම සිනමා පටය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දක්වන පරිදි නිර් මාණය කර ඇත. මෙම සිනමා පටයේ කතානායිකාව වන්නේ ඇමරිකාවේ ඉපදී එහි හැදී වැටුණු ශ්‍රී ලාංකික තරුණියකි.

තම මවගෙන් ලංකාවේ සුන්දරත්වය පිළිබඳ අසා තිබුනද ඇය කිසිදා ලංකාවට පැමිණ තිබුනේ නැත. මවගේ වියෝවත් සමග ඇයගේ භෂ්මාවශේෂ ‍රැගෙන ලංකාවට පැමිණෙන මෙම තරුණියගේ ජීවිතය හා ආදරය  වටා ගොඩ නැගෙන මෙම සිනමා පටය ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකම්වලින් යුතු ස්ථාන පසුබිම් කරගෙන සංචාරක           කර් මාන්තය ප්‍රවර් ධනය අරමුණු කරගනිමින් නිර් මාණය වී ඇත.

මෙම සිනමා නිර් මාණය අන්තර්ජාතික සිනමා ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගනිමින්, නෙට්ෆ්ලික්ස් (netflix), ඇමසන් ප්‍රයිම් (Amazon Prime) ඇතුළු අන්තර් ජාල විකාශන මාධ්‍ය 22 ක විකාශනය වීමට නියමිතයි. මෙය තිකෝ ෆ්ලිම්ස් වෙතින් ශ්‍රී ලාංකීය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා සිදුකරන ලද යහපත් මුලපිරීමකි.

තිකෝ ෆ්ලිම්ස් හි සාඩම්බර නිෂ්පාදනයක් වන "Back to Elephant Walk" සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ නිහාල් බණ්ඩාර මහතායි. මෙහි පිටපත නිසංකා ජයතිලක මහත්මියගේ වන අතර කපිල ගුණතිලක මහතා විධායක නිෂ්පාදකවරයා ලෙස තම දායකත්වය ලබාදේ.