IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩමියට පැමිණ ඇත. එහිදී ප්‍රාදේශීය කලාකරුවන් සමග චීන ලක්ෂණ හා බංග්ලාදේශ ලක්ෂණ විදහා දැක්වෙන වර්ණවත් කලා ප්‍රසංගයක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 17 වනදා රාත්‍රියේ 2024 වසරේ “වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගය ඩකා නගරයේදී පැවැත්විණ. චීන හා බංග්ලාදේශ ගායකයන් ඒකාබද්ධව චීන බංග්ලාදේශ මිත්‍රත්වයේ ගීතය ගායනා කරන අයුරු.

බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලය, චීනයේ යුන්නැන් පළාත් ආණ්ඩුවේ ප්‍රවෘත්ති කාර්යාලය හා විදේශ කටයුතු කාර්යාලය විසින් මෙවර ප්‍රසංගය සංවිධාන කරන ලදි. එය 2024 වසරේ “වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමැති වසන්ත උත්සව සංස්කෘතික හුවමාරු වැඩසටහන් මාලාවේ වැදගත් කොටසකි. එම ප්‍රසංගය ඩකා නගරයේ වැසියන්, බංග්ලාදේශයේ සිටින චීන ජාතිකයන්, චීන සමාගම්වල නියෝජිතයන් ඇතුළු පුද්ගලයන් 1000ක් පමණ ආකර්ණය කර තිබේ.

බංග්ලාදේශයේ චීන තානාපති යාඕ වෙන් මහතා එහිදී දේශනයක් සිදු කරමින් පැවසුවේ ජනමත විමසුමකට එක් වූ බංග්ලාදේශ ජාතිකයන්ගෙන් සියයට 60කට වැඩි පිරිසක් චීනය වෙත සක්‍රීය මෙන්ම ධනාත්මක හැඟීම් පළ කර ඇති අතර, සියයට 90කට වැඩි පිරිසක් විශ්වාස කරන්නේ චීන-බංග්ලාදේශ සබඳතාව යහපත් තත්ත්වයක පවතින බවයි. චීනය හා බංග්ලාදේශය අතර එක් තීරයක් එක් මාවතක් සහයෝගිතාව ඔස්සේ බංග්ලාදේශ සමාජ හා ආර්ථික වර්ධනයට සක්‍රීය වෙනස්කම් ගෙනවිත් තිබේ. චීනය පිළිබඳ තොරතුරු දැනගැනීම හා චීනයට යාමට වඩාත් වැඩි බංග්ලාදේශ වැසියන් බලාපොරොත්තු වන බව යාඕ වෙන් මහතා කියා සිටියේය. චීන-බංග්ලාදේශ සබඳතාවට දෙරටේ ජනතාවගේ අවංක සහාය ලැබී ඇති අතර චීන-බංග්ලාදේශ මිත්‍රත්වය ජනතාවගේ හදවත් තුළ වඩාත් ගැඹුරින් මුල් බැස ගනු ඇතැයි යාඕ වෙන් මහතා පැවසීය.

බංග්ලාදේශ සමාජ සුබසාධන ඇමතිනි ඩිප්·මොනි මහත්මිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළින් අගය කළාය. 2023 වසර, බංග්ලාදේශය හා චීනය අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සහයෝගිතා සරු ප්‍රතිඵල ලබා ගත් වසරක් බව ඇය පවසුවාය. මහ පරිමාණ යටිතල පහසුකම් 14ක ඉදිකිරීම සම්පූර්ණ කිරීම හෝ ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එමෙන්ම දෙරටේ සංස්කෘතික හුවමාරු යහපත් ලෙස වර්ධනය වෙමින් අන්‍යෝන්‍ය වර්ධනය ප්‍රවර්ධනය කර තිබෙන බව ද ඇය කීවාය.

චීනය හා බංග්ලාදේශය දිගුකාලීනව යහපත් අසල්වැසින් හා මිතුරන්ය. බංග්ලාදේශය, චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සහයෝගිතා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ප්‍රථම රටකි. මේ වනවිට චීන සමාගම් 670කට වැඩි ප්‍රමාණයක් බංග්ලාදේශයේ ව්‍යාපාර සිදු කරමින් එරට තුළ රැකියා ලක්ෂ 5.5ක් බිහිකර තිබේ. නිරිත දිග චීනයේ පිහිටි යුන්නාන් පළාත, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව වෙත චීනය විවෘත වන පෙරමුණ හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ වැදගත් ස්ථානයකි. යුන්නාන් පළාත හා බංග්ලාදේශය ආර්ථික හා වෙළඳ, අධ්‍යාපන, මානව සංස්කෘතික ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල සමීප සහයෝගිතා පවත්වමින් සිටී.

වර්තමානයේ යුන්නාන් පළාත චීන ලක්ෂනයන්ගෙන් යුතු නවීකරණයේ යුන්නාන් පළාත් පරිච්ඡේදය නිර්මාණය කිරීමට උත්සාහ දරන අතර රන්වන් බංග්ලාදේශ සිහිනය වෙනුවෙන් බංග්ලාදේශය උත්සාහ දරමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ යුන්නාන් පළාත් කමිටුවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී හා පළාත් ර‍‍ජයේ සංස්කෘතික හා ආචාර ධර්ම පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ පෙන්ග් බින් මහතා එහිදී ප්‍රකාශ කළේය. එළඹෙන චීන සාම්ප්‍රදායික දින දර්ශනයට අනුව මකරාගේ වසර තුළ සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කිරීම හා අන්‍යෝන්‍ය වාසි සහයෝගිතා ගැඹුරු කිරීම මගින් දෙපාර්ශ්වය අත්වැල් බැඳ ගෙන අනාගතය වෙත ගමන් කරමින් සිහිනය සාක්ෂාත් කිරීමට පෙන්ග් බින් මහතා අපේක්ෂා පළ කළේය.

ඉන් පසු සතුටු සුබ නව වසර නම් ආරම්භක නැටුමත් සමග චීන බංග්ලාදේශ කලාකරුවන් ඒකාබද්ධව රඟ දැක්වූ ප්‍රසංගය ආරම්භ විය. චීනයේ දිව්‍ය කුරුළු නර්තනය නමින් නම්‍යශීලී හනි ජාතික නැටුම, උරහිස මත රැගෙන බැලේ නර්තනය නම් විශිෂ්ට චීන කරණම්, රන්වන් මොනරා නමැති ඩායි ජාතික නැටුම, චීන සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ සමග ගැයෙන වසන්තයේ ගීත කාව්‍යය නමින් උද්යෝගිමත් තූර්ය භාණ්ඩ වාදනය, Hi!Bangladesh නම් අපූරු මායාව හා Dhamail නමින් ආකර්ෂණීය බංග්ලාදේශ නැටුම ඇතුළු විවිධ නර්තානංග ප්‍රේක්ෂකයන්ගේ නොමද ඔල්වරසන් හඬට පාත්‍රවිය.

යුන්නාන් පළාතේ ජාතික විශේෂත්වයෙන් යුතු බෙර කරකැවීම නමැති ඉතා අසීරු කරණම් මගින් ප්‍රසංගය උච්චතම අවස්ථාවට එළඹින. මීටරයක් දිගැති අලි පාදය වැනි බෙර ඩායි ජාතික ශිල්පිණියගේ දෙපා මත සැහැල්ලු සමනල‍යෙකු සේ පෙර‍ළී ගියේය. ප්‍රාසාංගික ශිලපීන් හා බෙර මගින් නිර්මාණය කර ඇති අපූරු කුළුණ ප්‍රේක්ෂකයන්ගේ අඛණ්ඩ අත්පොළසන් හඬ දිනා ගත්තේය.
 
දක්ෂ කරණම් රඟ දැක්වීම සුන්දරත්වය හා අනුකූලතාවට අනුව සාමුහීක සහයෝගිතාවයේ අලංකාරය සහ බලය ඉන් පෙන්නුම් කෙ‍රෙන බව ප්‍රසංගයේ අධ්‍යක්ෂ යුන්නන් ප්‍රසංග කලා සමාගමේ කලා අධ්‍යක්ෂ චියන් ෂුවෙතාඕ මහතා පැවසීය. එම රඟ දැක්වීම, චීනය හා බංග්ලාදේශය අතර මිතුදම හා සහයෝගයට සමාන බව ඔහු කීය.

බංග්ලාදේශයේ සයිල්හෙට් සොෆිර් උද්ධින් මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ද ප්‍රසංගය අලංකාර කිරීමට එක්වූහ. මීට පෙර බංග්ලාදේශයේ චීන තානාපති කාර්යාලය එම මධ්‍ය විද්‍යාලයට බුද්ධිමත් පන්ති කාමරයක් පරිත්‍යාග කර තිබේ.

සංස්කෘතික හුවමාරු, භූමි සීමා ඉක්මවා ආත්මය ස්පර්ශ කරන්නක් බව චීන තානාපති යාඕ වෙන් මහතා පැවසීය. සිසු සිසුවියන් ගේ රංගනයන්ට ආරාධානා කිරීම බංග්ලාදේශයේ විශේෂ සංස්කෘතිය පැතිරවීම දිරිමත් කිරීම හා දෙරටේ සංස්කෘතිය පිළිබඳ ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධ ගැඹුරු කිරීම අරමුණින් බව යාඕ වෙන් මහතා ප්‍රකාශ කළේය.

චීන බංග්ලාදේශ ගායකයන් ඒකාබද්ධව චීන බංග්ලාදේශ මිත්‍රත්වයේ ගීතය ගායනා කිරීමත් සමග මෙවර ප්‍රසංගය නිමාවට පත්විය. බංග්ලාදේශයේ උතුරු දකුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන සයිකාට් ඉස්ලාම් පැවසුවේ මෙම ගීතයෙන් සියල්ලන් තුළ උණුසුම් හැඟීම් උද්දීපනය කරන බවයි.



අදහස් (0)

“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 420 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 108 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1134 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 452 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1148 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 420 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1134 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site