සෑම වසරකම මාර්තු 08 වැනිදා වෙන් වන්නේ ''ලෝක කාන්තා දිනය'' වෙනුවෙනි.
මේ වසරේදීත් ඊයේ දිනට එය යෙදී තිබුණා.
මෙවර එහි තේමාව වූයේ "කාන්තා නායකත්වය: කොවිඩ් - 19 හමුවේ සමානාත්මතාව සහිත අනාගතයක් බිහිකර ගැනීම" යනුවෙනි.
ලෝකයේ රටවල් හෝ ආණ්ඩු 22ක මේ වනවිට නායකත්වය දරන්නේ කාන්තාවන් වන නමුත් ලොව පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් කාන්තාවන් වන්නේ 24.9% ක් වැනි අවම ප්‍රමාණයකි.
වර්තමාන ආකාරයට වර්ධනය වුවහොත් රාජ්‍ය නායකත්වයේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය ඇතිවීමට තවත් වසර 130ක් ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වර්තාවක දැක්වෙනවා.
එසේම ලෝකයේ මේ දිනවල කොවිඩ් වසංගතයට එරෙහිව කෙරෙන සටනේ දී ද කාන්තාවන් ඉදිරියෙන් සිටිනවා.
නමුත් ඔවුන්ගේ වැටුප පිරිමි පිරිසට වඩා 11% අඩු බව ද සඳහන් වනවා.
කෙසේ නමුත් ඊයේ දිනට යෙදුණු කාන්තා දිනය අරඹයා Idoex නිෂ්පාදන ආයතනය විසින් රටේ පැවැත්ම උදෙසා කාන්තාවගේ සෘජු දායකත්වයේ අගය පෙන්වා දෙමින් වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා.
රටේ කොඳු නාරටිය ලෙස නම් ලද කාන්තාවන් සිය දායකත්වයන් මොහොතකට හෝ නතර කළහොත් රටම නතර වන අයුරු එම වීඩියෝවෙන් පෙන්වා දී තිබුණේ අපට ද සිතන්නට යමක් ඉතිරි කරමිනි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලංකාවේ කාන්තාවන් වැඩ කරන එක මොහොතකට නතර කළොත්?