IMG-LOGO

මහ කොමසාරිස්තුමාගේ පණිවිඩය

ආයුබෝවන්, වනක්කම්, නමස්කාර්!!

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ඉන්දියානුවන්ටත් මාගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ටත් සුභාශිංසන පිරිනමමි.

මෙම වසරේදී, ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසර සමරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා 75 වන වසර ද සමරයි. ඉන්දියාව නිදහසේ 75 වන වසර පසුගිය වසරේදී සමරන ලදී. සමීප අසල්වැසියන් ‍සහ මිතුරන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය මෙන්ම සාමය උදෙසා ඉදිරි වසර 25 තුළ දී සහයෝගීතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

පසුගිය වසර තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට ඇමරිකානු ඩොලර් බිලියන 4ක පෙර නොවූ විරූ මූල්‍ය සහයෝගයක් ලබා දුන්නේය. මෙම වසරේදී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙමින් ණය ප්‍රතිව්‍යූහකරණයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකාවේ පළමු ද්විපාර්ශවික ණය හිමියා බවට පත් විය.

මෙම පියවර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ සුබ‍සිද්ධිය උදෙසා ඉන්දියාවේ කැපවීම සවිමත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් මෑතකදී සිදු කරන ලද ශ්‍රී ලංකා සංචාරය යටිතල පහසුකම්, නිෂ්පාදන සහ සම්බන්ධකතාවය ප්‍රවර්ධනය කිරීම යන ක්ෂේත්‍රයන්හි අයෝජන හරහා සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මං පෙත් විවර කර ඇත. ඉන්දියාව 2022 වසරේදී ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරුවා විය. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට යවන අපනයන ද වර්ධනය වී ඇත. වෙළඳ පියවීම් සඳහා රුපියල් භාවිතා කිරීම ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් පිටිවහලක් ‍වේ. මේවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට සහ ආර්ථික වර්ධනයට බෙහෙවින් ඉවහල් වන පියවර වේ.

ඉන්දියාව නැවත වරක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට බවට පත්ව ඇති බව මා සඳහන් කරන්නේ සතුටිනි. චෙන්නායි - යාපනය ගුවන් ගමන් යළි ආරම්භ කිරීම දෙරට ජනතාව තවත් සමීප කරනා පියවරක් වේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු ප්‍රවාහන සේවා දෙරට ජනතාව තවත් සමීප කිරීමට ඉවහල් වනු ඇත.

ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා හි මෑත කාලීන වර්ධනයන් අපගේ මිත්‍රත්වය සහ සමස්ත සහයෝගීතාවය ශක්තිමත් කර ඇත. එසේම, විශේෂයෙන්ම සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්‍රය තුළ සහ අනෙකුත් පොදු අභියෝග ජය ගැනීමට දෙරට අවධානයෙන් ද පසුවේ.

ශ්‍රී ලංකාව 2023 පෙබරවාරි 4 වන දින සුවිශේෂී දිනයක් සමරන මෙම මොහොතේ දී මෙම සුන්දර දිවයිනෙහි ජනතාවට ඉතා ප්‍රීතිමත් නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරන අතර ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව රැඳී සිටින බව ප්‍රකාශ කරමි.

(ගෝපාල් බාග්ලේ) 



අදහස් (2)

මහ කොමසාරිස්තුමාගේ පණිවිඩය

Chandan Pandithasekara Friday, 27 January 2023 05:15 PM

ස්තූතියි, මහ කොමසාරිස් ප්‍රකාශිත අදහස

:       0       0

S.L.Hettiarachchi Monday, 30 January 2023 09:23 AM

සර්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙක සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස්වලට මමත් එකඟ වුණා. දෙරට අතර ඉතා සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යන බවත් අනාගතයේදී එය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි. මෙම දුෂ්කර අවස්ථාවෙහිදී අප රටට සහ ජනතාවට ලබා දෙන සහයෝගය ඉතා අගය කරන අතර අනාගතයේදී බලාපොරොත්තු වන්න. මම හිතන්නේ අපේ ජනතාවගේ මනස කවදාවත් අමතක වෙන්නේ නැහැ, ඉන්දියාවේ අගමැති මෝදි මහතා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 645 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site