IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

(වමේ සිට දකුණට) ෂහීනා මොහොමඞ් - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනුකූලතා (Compliance) සහ සමාගම් ලේකම්, නාමලී ඒ සිල්වා - ප‍්‍රධාන ව්‍යාපාරික නිලධාරි (SLICLL), දයාරත්න පෙරේරා - ප‍්‍රධාන නිලධාරී(SLICLL), චන්දන එල් අලූත්ගම - සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී(SLIC), ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා - සභාපති (SLIC), ප‍්‍රියන්ත පෙරේරා - ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී(SLICGL), ලලිත් ද සිල්වා - බෙදාහැරීමේ ප‍්‍රධානී(SLICGL)

 

  • ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි.

 

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම්  කියන ශ‍්‍රී  ලංකාවේ  පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූලව විභේදනය කිරීමත් සමඟ නිල වශයෙන් නව පරිච්ඡේදයකට අවතීර්ණ වී ඇත. මෙම සුවිශේෂී ගමනාරම්භය ශ‍්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission of Sri Lanka) විසින් සකස් කරන ලද නියාමන රාමුවට අනුකූලව, 2024 පෙබරවාරි 1 සිට බලාත්මක වේ.

රජය සතු රක්ෂණ සමාගමක්  ලෙස ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා විශාල වශයෙන් දායකත්වයක් ලබා දී තිබෙන අතර රක්ෂණ ක්ෂේත‍්‍රයේ වර්තමාන දියුණුවට හේතු වූ පුරෝගාමියෙකු ලෙස හැඳින්විය හැක. පසුගිය දශක හය තුළ, ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් මෙරට  ප‍්‍රබලතම සහ විශාලතම රක්ෂණ සමාගම බවට පත්ව ඇති අතර, ජීවිත හා වත්කම් සුරක්ෂිත කරමින් සහ විශේෂයෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කරමින් ජාතියේ සංවර්ධනයට දායකත්වයක් ලබා දී ඇත.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ශ‍්‍රී ලාංකේය සම්ප‍්‍රදායනුකූලවල ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන කාර්යාලයේදී පසුගිය පෙබරවාරි 1 වැනිදා සුවිශේෂී උත්සවයක් පැවැත්විණි. මෙම උත්සවයේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා විසින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් යන ආයතන දෙකෙහි පිහිටුවීම සංකේතවත් කරමින්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා වෙත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයන් පිළිගැන්වීය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ලෙස අනාගතයට පියනඟිමින් තම පරිභෝගියකින් හට වඩාත් සමීපවෙමින් නව අවස්ථා තුලින් තම ආයතනය දියුණුව සහ සාර්ථකත්වය කරා රැගෙන යාමට බලාපොරොත්තු වේ. ‘විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රීයත්වය‘ යන ව්‍යාපාරික අරමුණ පෙරදැරිව, තම පාරිභෝගිකයින් හට නව සැලසුම්, කාර්යක්ෂම සේවාවන් හා නව්‍යකරණය තුලින් පෙර කවරදාටත් වඩා උසස් වූ සේවාවක් ලබාදීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්  කැපවී සිටී.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලූත්ගම මහතා ප‍්‍රකාශ කළේ, "පෙබරවාරී 01 වැනි දින නීතිමය වශයෙන් ආයතන දෙකක් ලෙස ව්‍යාපාර කටයුතු ආරම්භ කළද, පසුගිය කාලවකවානුව තුලදී සිටම ව්‍යාපාර ඒකක දෙකක් ලෙස ව්‍යාපාර කටයුතු වල යෙදුනු බවත් ජිවිත රක්ෂණ අංශය සහ සාමාන්‍ය රක්ෂණ අංශ දෙකම තම ව්‍යාපාර වලට අදාල ලාභ ප‍්‍රකාශන, මූල්‍ය මෙහෙයුම් සහ ආයතන දෙකට අදාල වු උපාය වෙන වෙනම ක‍්‍රියාත්මක කර ඇති බවත්ය. මෙම විභේදනය ආයතන දෙකෙහි සාර්ථකත්වය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව එතුමා තවදුරටත් පැවසීය. එසේම, ව්‍යාපාර දෙකෙහි අරමුදල්වල සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කරමින් ව්‍යාපාර දෙකෙහිම මූල්‍ය කළමනාකරණය නිසියාකාරව සහ ස්වාධීනව කළමනාකරණය කර ඇති බව ද එතුමා අවධාරණය කළේය.  

මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි  සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ,  "මෙම විභේදනය හුදෙක් ආයතනික ප‍්‍රතිව්‍යුහගත කිරීමක් පමණක් නොවන අතර එය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි නව ගමනක ආරම්භය සනිටුහන් කිරීමකි. අපි අපගේ සංයුක්ත රක්ෂණ ක‍්‍රමවේදයට සමුදෙන අතරම, ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන ව්‍යාපාර දෙකෙහිම විශිෂ්ටත්වය කරා මෙහෙය වීමට ඇති අවස්ථාවන් වලට ඉඩකඩ සලසමින් අපගේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ පාරිභෝගියකින් සඳහා අපගේ කැපවීම නොසැලී පවත්වා ගැනීමට කටයුතු කල යුතුය.”

දශක 6 කට වැඩි දිගු ඉතිහාසයක් සහ අත්දැකීම් සම්භාරයක් සමඟ ආරම්භ කරන මෙම පරිවර්තනීය ගමන් මග තුලින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් සහ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, මෙරට ජනතාවගේ සුරක්ෂිතභාව තහවුරු කිරීමට මෙන්ම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනයට දායක වීමට උනන්දුවෙන් සහ උද්යෝගයෙන් කැපවී සිටී.

 

 

 

 

 



අදහස් (0)

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site