IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගෘහස්ථ ප්රචණ්ඩත්වය : ව්යසන සමයේ උග්රවුනු අර්බුදය

සමානාත්වතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්රය වෙනුවෙන් කමන්ති වික්රමසිංහ විසින් මෙම ලිපිය ලියන ලදි.

කෝවිඩ් ලොක්ඩවුන් සමයේ පැවති සංචරණ සීමා සමඟ ගැහැණු ළමුන්, කාන්තාවන් සහ දරුවන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය නැමැති ඉතා දරුණු අර්බුදයක ගොදුරු බවට පත්වුනා. සංචරණ සීමා පැනවීමත් සමඟ  සියළු දෙනාටම ගෙවල් තුලට වී සිටින්න සිදුවූ අතර, රැකියා අහිමිවීම, ආර්ථික අගහිඟකම් හේතුවෙන් ඇතිවූ පීඩනය, මත්ද්රව්ය සහ මත්පැන් භාවිතයේ ඉහල යෑමත් සමඟ ලිංගික ප්රචණ්ඩත්වයේ වැඩිවීමක් ද දක්නට ලැබුණි. මෙම කාරණා පදනම්කොටගෙනසමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්රය (CEJ), ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ඊට සමගාමී සේවාවන් පිලිබඳ, තෝරාගත් දිස්ත්රික්ක වල සිටින නිලධාරීන් ද සමඟ, කඩිනම් තක්සේරු වාර්තාවක් සකස් කරනු ලැබුවා. මෙම වාර්තාව සඳහා පුත්තලම, අනුරාධපුරය, කිලිනොච්චිය, මඩකලපුව, හම්බන්තොට, සහ කුරුණෑගල යන දිස්ත්රික්ක වල පෙරමුණේ සිටින රජයේ සේවකයින් වන ශ්රී ලංකා පොලීසිය, කාන්තා සංවර්ධන නිලධාරීන්, මනෝ උපදේශකයින්, ග්රාම නිලධාරීන්, පවුල් සෞඛ්ය සේවා නිලධාරීන්, ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, වෛද්ය වෘත්තිකයින්, සහ ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ වින්දිතයින් සදහා සේවා සපයන කාන්තා හා සිවිල් සංවිධාන සම්බන්ධ කරගනු ලැබුවා. 
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැලැක්වීමේ පනතට අනුව, ගෘහස්ථ ප්රචණ්ඩත්වය යනු ලිංගික හිංසනය, සූරාකෑම, ශාරීරික වදහිංසාව, පහරදීම්, සාපරාධී බලය පාවිච්චි කිරීම, ව්යභිචාරය, බලහත්කාරකම්, ගබ්සා කිරීම්, අනීතිකව රඳවාසිටීම, ඝාතනයට තැත්කිරීම, බියගැන්වීම්, සහ දණ්ඩ නීති සංග්රහයේ තිබෙන අනෙකුත් සාපරාධී ක්රියාවන් සිදුකිරීමයි. ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ තවත් පැතිකඩක් වන්නේ චිත්තවේගී හිංසනයයි. මෙයින් අදහස් වන්නේ නිවසක් ඇතුලත හෝ පිටතදී අගතියට පත් පුද්ගලයා සහ අනෙකුත් පුද්ගලයා අතර පෞද්ගලික සම්බන්ධකමක් හේතුවෙන් ඇතිවන දරුණු, අමානුෂික හෝ නින්දා පමුණුවන ආකාරයේ හැසිරීම් යන්නයි. 

විවිධ ආකාරයේ ගෘහස්ථ ප්රචණ්න්ඩත්ව සිද්ධීන් අතර සමීප සහකරුවෙක් මගින් ඇතිවන ප්රචණ්ඩත්වය ඉතා සුලබව දක්නට ලැබේ. 2019 දී සිදුකල  කාන්තා යහපැවැත්ම පිලිබඳ වූ වාර්තාවට අනුව, සහකරුවෙක් අතින් සිදුවන ප්රචණ්ඩත්වයේ ප්රවනතාව 17.4%ක් වන අතර සහකරුවෙක් නොවන පුද්ගලයෙකුගෙන් සිදුවන ප්රචණ්ඩත්වයේ ප්රතිශතය 7.2%කි. ඊට අමතරව, 24.9%ක  කාන්තාවන් ශාරීරික හෝ ලිංගිකව එක්වන සමීප සහකරුවෙක් හෝ සහකරුවෙක් නොවෙන අයෙකුගෙන් ප්රචණ්ඩත්වය අත්විඳිය හැකි යැයි මෙම මිනුමට අනුව වාර්තාවී ඇත. 

මෙම තක්සේරු වාර්තාවට අනුව, කොවිඩ් සමයෙහි සියළුම දිස්ත්රික්ක වල ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ඊට අදාල සිද්ධීන් වල වර්ධනයක් පෙන්වා ඇත. නමුත්, සංචරණ සීමා සහ ප්රවාහන පහසුකම් නැතිවීම නිසා කාන්තාවන්ට සේවා සපයන්නන් වෙත යෑම අපහසුවීම් හේතුවෙන් මෙම සිද්ධීන් පිලිබඳ ස්ථීර පැමිණිලි වාර්තා වී නැත. ඇතැම් අවස්ථාවන්වලදී, කාන්තාවන් පොලීසියට තම පැමිණිලි  ඍජුව වාර්තා කර තිබුණි. බොහෝ සිද්ධීන් 119 පොලිස් හදිසි දුරකථන සේවාවට, 1938 සේවාවට, කාන්තා සංවර්ධන නිලධාරීන්ට, කාන්තා සංවිධාන, හෝසිවිල් සංවිධානවලට පැමිණිලි කර ඇත්තේ අසල්වැසියන්, ඥාතීන්, ප්රජා නායකයින් හෝ චූදිතයා විසින්මයි. මීට හේතුව මව නැතිවුනහොත් තම ළමුන් බලාගැනීමට කිසිවෙක් නොසිටීමයි. ගෘහස්ථ ප්රචන්ඩත්වය ට අදාලව චූදිතයින්  හැටියට බොහෝ අවස්ථාවලදී වාර්තා වී තිබුනේ ස්වාමිපුරුෂයින්, සහකරුවන්, මව, පියා, අයියා, සුළු පියා සහ එක නිවසේ ජීවත්වන සීයා, මස්සිනා, නැන්දම්මා සහ මාමා යන අය යි.

සියළු සිද්ධීන්වලින් පෙනී යන්නේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය වටා බැඳුනු අපකීර්තිය හේතුවෙන් මෙවැනි සිද්ධියකට මුහුණ දුන් විට, මුල් අවදියේම සහය ලබාගැනීමට කාන්තාවන් පසුබට වීමයි. එම නිසා ඇතැම් නිලධාරීන් වර්තාවූ සිද්ධීන් විමර්ශනය කිරීමට වින්දිතයින්ගේ නිවෙස් වලට ගිය නමුත් ඔවුන් එවන් සිද්ධියක් වුනේ නැතැයි කියන්නට පෙළඹී ඇත. අප ආයතනය විසින් කල සමීක්ෂණයට අනුව පෙනී යන්නේ, ලැජ්ජාව සහ අපකීර්තිය හේතුවෙන් අනුරාධපුර, පුත්තලම සහ මොණරාගල වැනි දිස්ත්රික්ක වල කාන්තාවන්  ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ඊට අදාල සිද්ධීන් වාර්තාකිරීමට පැකිලෙන බවයි.  අනෙක් කාරණාව නම්, සංචරණ සීමා හේතුවෙන් කාන්තාවන්ට තම ඥාතීන් හෝ මිතුරන් සමඟ කතාබහ කිරීමට හෝ මුණගැසීමට නොහැකි වී ඇති අතර ආගමික හෝ වෙනත් උත්සව අවස්ථාවලට සහභාගිවීමට අවස්ථාවක් ලැබී නැත. එම හේතුවෙන් ඔවුන්ට සහය ලබාගැනීමට තිබෙන  ව්යූහයන් වලින් ඔවුන්ට දුරස්වන්නට සිදුවී ඇත. සමහර අවස්ථාවන් වලදී ස්වාමියා විසින් තම බිරිඳ ඇයගේ මිතුරන් හෝ ඥාතීන් සමග සම්බන්ධ වීම වළක්වා තිබිනි. 
වසංගත සමයේදී ඉතාමත් ප්රචලිතව පැවති ඇති ගෘහස්ථ ප්රචණ්ඩත්වය නම් චිත්ත්වේගී ප්රචණ්ඩත්වයයි. කාන්තාවන් ගෙදර දොර වැඩ කරමින්, දරුවන්ගේ වැඩවල නිරතව සිටින අතරතුර ඔවුන්ට තම ස්වාමිපුරුෂයින්ගේ ලිංගික අවශ්යතා වලටද ප්රතිචාර දැක්වීමට සිදුවී ඇත. උපත් පාලන ක්රම නැතිවූ නමුත් ස්වාමිපුරුෂයින් හෝ සහකරුවන් විසින් කාන්තාවන්ව බලහත්කාරයෙන් තම ලිංගික ආශාවන් සපුරාගැනීමට පෙළඹවීම පිළිබඳ සියළු දිස්ත්රික්ක වල තොරතුරු සපයන්නන් වාර්තාකර තිබේ. බාලවයස්කාර ගැබ්ගැනීම්  පිළිබඳව ද වාර්තා වී ඇති අතර සහ තම ස්වාමිපුරුෂයින් හෝ සහකරුවන් විසින් මෙම කාන්තාවන්  හට ගබ්සාසිදු කරගැනීමට පොලඹවා ඇති බවට ද වාර්තාවී ඇත.  

ගැබ්ගැනීමට නොහැකි වූ කාන්තාවන් අඩන්තේට්ටම් වලට බහුලව ලක්වී ඇත. බොහෝ පුරුෂයින් තම කාන්තාවන්ට අනියම් සම්බන්ධතා ඇතැයි සැක කර ඇති අතර  තම පුරුෂයාගේ අනියම් සම්බන්ධතා හෝ ප්රචණ්ඩත්වය  හේතුවෙන් ඇතැම් දිස්ත්රික්ක වල කාන්තාවන් සියදිවි හානි කරගන්නට පවා තැත්කර තිබේ.

රැකියාව සහ අදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් පුද්ගලයින් දැඩි පීඩනයකට ලක්ව සිටි අතර ඔවුන්ගේ මත්පැන් සහ මත්ද්රව්ය භාවිතයේ වැඩිවීමක් ද දක්නට ලැබුනි. මතට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයන්, තම නිවෙස් වල තිබුණු දේපල හෝ දරුවන්ගේ රන් භාණ්ඩ උකස්කර මුදල් ලබාගැනීමට පෙළඹීමත් සමඟ නිවෙස් තුල ආරවුල් සහ ප්රචණ්ඩත්වය බහුලව වූ දක්නට ලැබුනි. කාන්තාවන්, ළමුන්, සහ පුරුෂයින්ට පීඩනය, කාංසාව, සහ විශාදයෙන් මිදීමට මනෝ උපදේශන සහ මනෝ සමාජීය සහාය අවශ්යවූ නමුත්, ඔවුන්ගේ හැඟීම් අවබෝධ කරගැනීමට නිසි යාන්ත්රණයක් නොතිබීම හේතුවෙන් ඔවුන් ප්රචණ්ඩත්වය මාර්ගයෙන්  එම හැඟීම් පිටකිරීමට නැඹුරුවී ඇත. 

අනුරාධපුර දිස්ත්රික්කයේ වෛද්යවරුන් පවසන අන්දමට බොහෝ කාන්තාවන් අධි රුධිර පීඩනයට ප්රතිකාර ලබාගැනීමට පැමිණෙන අතර එයට ප්රධාන හේතුව ගෘහස්ථ ප්රචණ්ඩත්වය විය හැකි. ඇතැම් කාන්තාවන් හට ඔවුන්ට තිබෙන ශාරීරික සහ මනෝවිද්යාත්මක ගැටළු විවෘතව ප්රකාශ කිරීමට අපහසු බවක් වාර්තා වී ඇත. එයට ප්රධාන හේතුව ගෘහස්ථ ප්රචණ්ඩත්වය ලෙස සැලකේ.

නොසලකා හැරිම හේතුවෙන් දරුවන් ප්රචණ්ඩත්වයට මුහුණ දීමට වැඩි අවදානමක් පැවති අතර එය බොහෝ අවස්ථාවලදී තම පියා, මව, සුළු පියා, මාමා හෝ අසල්වැසියන් විසින් සිදුකරන ලදි. පවුලේ සියළු දෙනාටම නිවෙසට වී සිටීම සිදුවීම හේතුවෙන් වියදම් අධික වී ඇත. බොහෝ දෙමව්පියන්හට මෙය දරාගත නොහැකිවූ තැන ඔවුන් තම දරුවන් පිටින් තරහා පිට කිරීමට පෙළඹී සිටියහ. මව නිරෝධායනයට ලක්වුණු අවස්ථාවේ දී  තම සුළු පියා විසින් දරුවෙක් අපයෝජනයට ලක්වීම, මවගෙන් පලිගැනීමට පියා තම දරුවා අපයෝජනය කිරීම වැනි සිද්ධීන් වාර්තා විය. බාලවයස්කාර ළමුන් සමඟ එකට ජීවත්වීම, බාලවයස්කාර විවාහ සහ ලිංගික සම්බන්ධතා වැනි සිද්ධීන් ද වසංගත සමයේදී බහුලව වාර්තා වී ඇත. 

රජයේ සහාය අවශ්ය වූ නමුත් බොහෝ කාන්තාවන්ට එය ලැබී නැත. කිලිනොච්චය වැනි දිස්ත්රික්ක වල, රජයේ කාර්යාල වසංගත සමයට පෙර සිටම වසා තිබී ඇති බවට වාර්තා වී ඇත.. කාර්යාල වසා තැබීමත්, සේවක කාර්ය මණ්ඩලය අඩුවීමත් හේතුවෙන් මොණරාගල වැනි දිස්ත්රික්ක වල ප්රාදේශීය ලේකම් කාර්යාල තුලින් ලැබෙන සේවා පවා සීමා වී ඇත. ඇතැම් කාන්තාවන්ට තම ජංගම දුරකථනයට මුදල් දැමීමට (reload) ප්රමාණවත් මුදල් හෝ පහසුකම් නොමැතිවූ අතර, එම නිසා ඔවුන්ට ප්රචණ්ඩකාරී සිදුවීම් වාර්තාකිරීමට අපහසු වී ඇත. ගෘහස්ථ ප්රචණ්ඩත්වය උග්ර වීමේ එක් සාධකයක් වන්නේ ලොක්ඩවුන් කාලසීමාවේදී අවශ්ය සේවාවන් නොතිබීමයි. ප්රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් මනෝ උපදේශකවරුන්ට අඛණ්ඩව ප්රතිකාර ලබාදීමට නොහැකිවී ඇති අතර, හදිසි සිද්ධීන් වෙත යොමුවීමට අවස්ථාව ද ලැබී නැත. පොලීසියට පැමිණිලි කිරීම පහසුවෙන් කළහැකි නමුත්, තොරතුරු සපයන්නන් පැවසූ පරිදි, පොලීසිය විසින් බොහෝ අවස්ථාවල දී මෙම කාන්තාවන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිලිබඳ පැමිණිලි ගෙන ඒම වලක්වා ඇත. පොලිස් නිලධාරීන් මෙම සිද්ධීන් පෞද්ගලික මට්ටමෙන් විසඳීමට තැත්කර ඇති අතර කාන්තාවන් නැවතත් චූදිතයා වෙත හරවා යවා තිබුනි. වසංගත සමයේදී ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති කඩකිරීම් සොයාබැලීම පොලිස් නිලධාරීන්ගේ ප්රමුඛතම රාජකාරිය වූ නිසාත්, රෝහල් සහ අනෙකුත් සෞඛ්ය අංශ පිරි ඉතිරී ගොස් තිබූ නිසාත්, ඉතා හදිසි  අවස්ථාවක් හැරුණු කොට වින්දිතයින් හට සහාය ලබාගැනීමට නොහැකි වී ඇත.
ප්රචණ්ඩත්ව තත්ත්වයෙන් මිදී ආ වින්දිතයින්ව නේවාසිකව රඳවා තිබිය හැකි ආරක්ෂිත ස්ථාන නොතිබීම තවත් බාධකයක් බව හදුනාගෙන තිබේ. මෙවැනි පහසුකම් පුත්තලම, කිලිනොච්චිය, හම්බන්තොට සහ මොණරාගල වැනි දිස්ත්රික්කවල නැති බවට හඳුනාගෙන තිබේ.. මෙය සමහර කාන්තාවන්ට සියදිවි හානි කරගැනීමට පෙළඹවූ තවත් කාරණයක් බවට හඳුනාගෙන තිබේ. එයට විසඳුමක් ලෙස කාන්තා හා සිවිල් සංවිධාන එකතුව, ස්වේච්ඡා කණ්ඩායම් තුලින් තාවකාලික රැඳවුම් ඒකක සකස්කර දී තිබුනි. තවත් විසඳුමක් වූයේ, මෙම කාන්තාවන් තම ඥාතී නිවෙස්වලට යැවීමයි. පොලීසිය කෙරෙහි ඇති අවිශ්වාසය සහ නැවතත් වින්දිතයින් වීමට ඇති බිය හේතුවෙන් ඔවුන් පොලීසියේ රැඳී සිටීමට අකැමැති වී ඇත.

2020 මාර්තු මසින් පසු බොහෝ ආයතනවල ක්ෂණික ඇමතුම් අංක වැඩිකර ඇති අතර එම සේවාවන් පැය 24 පුරා අඛන්ඩව ලබාදීමට කාර්ය මණ්ඩල ප්රමාණයන් ද වැඩිකර තිබුනි. සියළු දිස්ත්රික්කවල රජයේ නිලධාරීන්ට සහ කාන්තා සංවිධාන වල නිලධාරීන්ට දුරකථන සේවා තුලින් සහාය ලබාදීමට හැකිවී තිබුනි. ප්රචණ්ඩත්වයෙන් මිදී ආ වින්දිතයින් මෙම සිද්ධීන් කාන්තා සංවර්ධන නිලධාරීන් හට වාර්තා කිරීමට වැඩි නැඹුරුවක් දක්වා ඇති  හෙයින්, මෙම කාන්තා සංවිධාන රෝහල් සහ පොලීසිය අතර සබැඳියාවක් සකස්කර දී තිබිණි. කිලිනොච්චිය වැනි දිස්ත්රික්ක වල සිවිල් සංවිධාන වලට අනුව මෙම කටයුතු වලදී භාෂාව යම් බාධාවක් වී තිබේ. බොහෝ රජයේ ආයතන වල සිටින නිලධාරීන් සිංහල භාෂාව පමණක් දැනගෙන සිටීම හේතුවෙන් දමිළ භාෂාව කතාකරන ජනතාව සමඟ දුරකතනයෙන් සන්නිවේදනය කිරීම අපහසු වී ඇත. 
ඇතැම් දිස්ත්රික්ක වල රජයේ නිලධාරීන්ගේ යොමුකිරීම් සේවාවන් තුලින් ගෘහස්ථ ප්රචණ්ඩත්ව සිද්ධීන්ට සාමූහිකව ප්රතිචාර දැක්වීමට අවස්ථාව හිමිවී තිබුනි. පුත්තලම, අනුරාධපුර සහ මඩකලපුව වැනි දිස්ත්රික්ක වල ග්රාම නිලධාරීන්, කාන්තා සංවර්ධන නිලධාරීන්, පොලීසිය, මනෝ උපදේශකවරුන් සහ රෝහල් තුලින් දැක්වූ ප්රතිචාර තරමක් දුරට සාර්ථකවී ඇත. නමුත් තොරතුරු සපයන්නන් පවසන අන්දමට ගෘහස්ථ ප්රචණ්ඩත්වයට එරෙහි නීති පද්ධතියේ ප්රතිචාරය සතුටුදායක නැත. ඇතැම් උසාවි අධිකරණ කටයුතු සීමාකර තිබුනේ ඇප ලබාදීම් සහ හදිසි කාරණා සදහා පමණි. ගෘහස්ථ ප්රචණ්ඩත්වය හෝ නඩත්තු නඩු හදිසි යැයි පිළිගෙන නොමැත. එසේ නමුත් කාන්තා සංවිධාන හා පොලීසිය අතර මිත්රත්වයක් ගොඩනැගුනු අවස්ථාවන්වල දී පොලීසිය විසින් හදිසියකදී ඇමතීමට දුරකතන අංකයක් ලබාදී තිබුනි. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වුනු පවුල් වෙනුවෙන් සමාජීය වශයෙන් සහාය ලබාදීමට ඇතැම් කාන්තා සහ සිවිල් සංවිධාන කටයුතු කර තිබුනි. 

ආපදා කළමනාකරණය, යුක්තිය, සේවාවන්, සහ දැනුවත්භාවය වැඩිකීරීමට නිර්දේශ කිහිපයක් යෝජනා වී ඇත. කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අවශ්යතාවන් ආපදා කළමනාකරණ සැලසුම් තුලට ඇතුලත් කිරීම, සහන කමිටු වලදී කාන්තාවන්ගේ සමාන සහභාගිත්වයක් ඇති කිරීම, සමාජ සුරැකුම් ක්රියාවලි තුලින් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම  සඳහා ආදායම් අතිරේකයක් ලබාදීම, කුලී සහනාධාර, ආපදාවක හෝ හදිසි අවස්ථාවලදී ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ නඩත්තු නඩු වලට මූලිකත්වය දීම, පොලීසිය ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ඊට අදාල සිද්ධීන් වලට සංවේදී කිරීම තුලින් වින්දිතයින්ට ආධාර වන ආකාරයේ  වාතාවරණයක් සැකසීම සහ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය ආමන්ත්රණය කිරීමට සම්මත ක්රියාපටිපාටියක් ක්රියාත්මක කිරීම මෙම නිර්දේශ  අතරින් කිහිපයකි. 

 



අදහස් (2)

ගෘහස්ථ ප්රචණ්ඩත්වය : ව්යසන සමයේ උග්රවුනු අර්බුදය

ගූ හාවා Saturday, 17 December 2022 10:43 PM

උදය අමුනුගම, සමංත අමුනුගම, සිසිර වීරකෝං වගේ විකෘත කාමයන්ගෙන් ඉපදුන දවසෙ ඉදන් දැවෙන ගෑනු සිය ගණනින් දුෂණය කරපු විකෘත කාම රෝගින්ගේ ප්‍රේම දඩයම පොඩ්ඩක් කියෙව්වත් ඇති කාපුවා වමනෙ යන්ඩ

:       1       1

Oshada Thursday, 26 January 2023 10:06 AM

7197420

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 220 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1536 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1431 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site