IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිතුවක්කාරකම් කරන්න චීනයට ඉඩ දෙන්නේ නෑ

නැගෙනහිර චීන මුහුදේ මේවනවිට පවතින භූදේශපාලන තත්ත්වයට බලපෑම් කිරීමට ගන්නා ඒකපාර්ශවීය උත්සහායන්වලට විරුද්ධ වන බව ඇමෙරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානය සඳහන් කරයි.

චීනය ඉන්දු-ශාන්තිකර කලාපයට තුළ හිතුවක්කාරි ලෙස හැසිරෙන බවට ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ කලාපීය මිත්‍ර රටවල් චෝදනා කරයි. නැගෙනහිර චීන මුහුදේ භූදේශපාලනික ස්ථාවරත්වය තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ස්ථාවරත්වයට බෙහෙවින් වැදගත් බව ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් අවධාරණය කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඉකුත් බදාදා ජපානයේ සංචාරයක නිරත වෙමින් ජපානයේ උප විදේශ අමාත්‍ය මොරි ටකියෝ මුණ ගැසුණේ ය. ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා එහිදි දකුණු කොරියාවේ පළමු උප විදේශ අමාත්‍ය චෝයි ජොන්ග් කුන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ආර්. ෂර්මන් උප විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ අතර ඔවුන් තිදෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බව ද වාර්තා විය.

දේශගුණික විපර්යාස, වසංගතයට ප්‍රතිචාර දැක්වීම සහ ආර්ථික අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම සහ සාර්ථව ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම යනාදී 21 වැනි සියවසේ ගෝලීය අර්බුදවලට විසඳුම් සෙවීමට රටවල් තුන සහයෝගයෙන් කටයුතු කරන බව ඔවුහු තිදෙනා මෙහිදි අවධාරණය කළහ.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන්වලින් එල්ල වන තර්ජනය සම්බන්ධයෙන් ද මෙහිදි මොවුන් තිදෙනා සාකච්ඡා කර ඇත.

නිදහස ආරක්ෂා කිරීම, ආර්ථික අවස්ථා, මානව හිමිකම් ආරක්ෂා කිරීම, සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම යනාදි බෙදාහදාගත් වටිනාකම් මත පිහිටා ඉන්දු-ශාන්තිකර කලාපය තුළත් ලෝකය පුරාත් සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සාකච්ඡා පවත්වා තිබේ.

(රොයිටර්)



අදහස් (1)

හිතුවක්කාරකම් කරන්න චීනයට ඉඩ දෙන්නේ නෑ

gampila Monday, 26 July 2021 04:54 PM

මේ වෙනකන් මානව හිමිකම් පයින් පාගාගෙන මුළු ලෝකයම බිය වද්දමින් හිටපු ධනවාදී රටවල තමයි අද චීනයට විරුද්ධව මානව හිමිකම් ගැන මොරදෙමින් චීනයට විරුද්ධව ආසියාවේ ජනමතය, බලය හිඟාකන්නේ... මේකට ඉරිසියාව, වෛරය කියලත් කියනවා.

:       210       326

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1351 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 193 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 78 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site