IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිතුමතේ පැනවූ තීරු බදු

ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී.

කෙසේ නමුත්, රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට සහ බෙලරූස් රාජ්‍යයට නව තීරු බදු පැනවීමක් සිදු නොවිණි. මේ වනවිටත් මෙම රටවල්වලට අධික සම්බාධක පනා ඇමෙරිකාව විසින් පනවනු ලැබ ඇත.

කෙසේ නමුත් තීරුබදු පැනවීමක් නොකළේ ඇයිදැයි, මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන්, ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය කැරොලයින් ලෙවිට්ගෙන් විමසා සිටි අවස්ථාවේදී, ඇය කියා සිටියේ, රුසියාවට තීරු බදු පැනවීමක් සිදු නොවුණේ ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඵලදායී වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොවන නිසා බවය.

මාධ්‍ය ලේකම්වරිය එසේ පැවැසුවත්, පසුගිය 2024 දී, ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 ක් වටිනා වෙළෙඳ ගනුදෙනු සිදුවුණු බව ඇමෙරිකන් වෙළෙඳ සංගම් කියයි.  

ඊට අමතරව, ඇමෙරිකාව සමඟ සැබැවින්ම කිසිදු වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොකරන රටවලට ට්‍රම්ප් තිරු බදු පැනවීමක් සිදු කර ඇත. ඒ අතරේ මනුෂ්‍ය වාසයක් නැති, පෙන්ග්වීන්ලා පමණක් ජීවත් වන කුඩා දූපත් සමූහයක් ද ඇත.

මෙම දූපත සමූහය මැක්ඩොනල්ඩ් දූපත්ය. මේවා යහමල් දූපත් වන අතර පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේය. දූපත් පිරී ඇත්තේ ග්ලැසියර සහ පෙන්ග්වීන්ලාගෙන් පමණි. ඉතා හුදෙකලාව පිහිටා ඇති මෙම දූපත්වලට යෑමට නම්, එය කළ යුත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බෝට්ටුවකිනි. දූපත් සමූහයට ළඟා වීමට ගතවන කාලය සති දෙකකි.

පෙන්ග්වීන්ලා පමණක් සිටියත් ට්‍රම්ප් පරිපාලනය මෙම මැක්ඩොනල්ඩ් දූපත් සමූහයට සියයට 10 ක තීරු බදු පැනවීමක් කර ඇත.

ඊට අමතරව, ට්‍රම්ප් ලෙසතෝ රාජ්‍යයට ද සියයට 50 ක තීරු බදු පැනවීමක් කර ඇත. ලෙසතෝ යනු අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. මීට පෙර අවස්ථාවක ට්‍රම්ප් පවසා තිබුණේ ලෙසතෝ යන නමින් රටක් තිබෙනවාදැයි කියා හෝ තමන් නොදන්නා බවය.

(සී.එන්.එන්.)



අදහස් (5)

හිතුමතේ පැනවූ තීරු බදු

පැටියා Sunday, 06 April 2025 07:56 PM

ෂුවර් එකටම අපේ අනිල් සීයාගෙන් ඇඩ්වයිස් ගන්න ඇති…!

:       16       21

Edward Monday, 07 April 2025 05:19 AM

බූරුවො සීයා කියන්නෙ දරුවන්ගෙ දරුවො සිටින වයසක කෙනෙකුට පමණයි ඉතින් උඹත් කවදාහෝ විවාහාක් වෙලා බැරිවෙලාවත් දරුවෙක් ලැබුනොත් උඹටත් සීයාකෙනෙක් වෙන්න පුලුවන් වේවි මට කියන්න තියෙන්නෙ නාකිත් තරිකිට තෙයි තොපිටත් ඔයටික වෙයි කියලා තමයි

:       1       0

රුවන් Monday, 07 April 2025 06:28 AM

වියට්නාමය ඇමෙරිකාවේ තීරුබදු 0% කරලා, කාම්බෝජය 5% ලංකාව 2% හෝ 0% කරයි ලු. එතකොට අපේ පොඩි අයට අයිෆෝන් ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 3ට අඩුවට

:       1       1

ගුණරත්න Monday, 07 April 2025 05:05 PM

ලංකාවේත් ආනයන තහනම් දාගෙන තීරුබදු හිතෙන හැටියට දාගෙන... ඇමෙරිකාව එහෙම කළාම බණින්න කිසිම අයිතියක් නැහැ.

:       0       1

de silva Monday, 07 April 2025 08:38 PM

ලංකාවේ තීරුබදු හරියට විශ්ලේෂණය කලොත් ට්‍රම්ටත් කලන්තේ හැදෙනවා , අනුන්ගේ තීරුබදු ගැන කතා කරන්න ඉස්සරවෙලා අපේ ඒවා අඩු කරගන්න ඕනේ , අද ඇමරිකන් පුරවැසියෝ පාරට බැහැල තීරු බදු අඩු කරන්න කියල , අපිටත් එලියට බහින්න කලේ ඇවිත් සහල් වලට තිබෙන 50% බදු ගහන එක අනුමත කරන්න බැහැ , මම ප්‍රකාශ කල අදහස දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව හිතට එකඟව කල්පනා කරලා බලන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site