ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් වුවත් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට ගැති නොවන බව ඉරාන ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය ලැබූ මධ්‍යස්ථමතධාරී හසන් රොහානි අවධාරණය කරයි.
පරිණත දේශපලනඥයකු, විද්වතකු මෙන්ම ආගමික නායකයකු ද වන රොහානි, මැතිවරණයට පෙර සිටිම ජනතාවට පොරොන්දුවක් ලබා දී සිටියේ ‘වෙනසක්’ ඇති කිරීමට තමන් ඇපකැප වී කටයුතු කරන බවය.
විරැුකියාවට සහ ආර්ථික ගැටලූවලට පිළියම් ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වී තිබුණි. එපමණක් නොව, ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සමඟ වඩාත් සමීප වී කටයුතු කිරීමට සූදානම් යැයි ද රොහානි පවසා ඇත.
ඉරානය, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක් වී ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.
ඇමෙරිකාව පවසන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවන බවය.
එමනිසා ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත.
1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු, වසර 34 ක් තිස්සේ ඉරානයත් ඇමෙරිකාවත් අතර පවතින්නේ විරසකයකි.
ඔබාමා පරිපාලනය රොහානිට සුබ පතමින් පවසා ඇත්තේ ඉරාක ඇමෙරිකා සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
මේ රටවල්වල ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආගම පෙරට දමා ඉදිරි සැලසුම් නිර්මාණය කිරීමට යාමයි.දැඩි මතධාරින්ගේ ක්‍රියා කලාප නිසා මධ්‍යස්ත මතධාරීන්ට අසාදාරනයක් සිදුවෙනවා.එකම දෙවියා සංකල්පය ජනතාවට බලෙන් සහ අමානුෂික ලෙස බියගන්වා පැටවීම තුලින් මුළු මනුස්ස සංහතියටම සිදුවන්නේ බලවත් අසාධාරනයක් .මිනිසා දෙවියන් විසින් නිර්මාණය කිරීමක් ලෙස ඔවුන් පිළිගන්නේ හුදු ආගම් වාදයට මුවාවී මිසක් විද්‍යාත්මකව නොවේ.තමන්ගේ දෙවියන් තමන් මිස අන් කවරහුද ?මගේ ජාතිය මනුස්සය බවද මගේ දෙවියන් මා මේ ලොවට බිහිකිරීමට වෙහෙස වූ දෙමුපියන් බවද මිනිසා විසින් තේරුම් ගන්නා තුරු මේ දේව සංකල්ප මත පදනම් ව ලියවුනු ග්‍රන්ථ මිනිසාට මහත් විනාසයක් ලගාකරදෙනු ඇත. (නි)
ඉරාන විප්ලවයෙන් පස්සේ තව තවත් ආගමට මුල්තැන දීලා. සංස්කෘතිය තවත් දැඩි කලාට පස්සේ හරි නම් තවතවත් දෙවියෝ බලන්න එපැයි.මෙහෙම කිවුවේ දෙවියන්ට අපහාස කරන්න නෙමෙයි, නුතන ලෝකේ ආගම රටවල් පාලනෙන් ඉවත්වෙලා. (නි)
අපේ කට්ටියගෙන් ඇහුවත් කියන්නේ අපි ගැති නැහැ කියලා.හැබැයි එහෙ ඉඩම් තියනවා.ණයට ගන්නවා.ළමයි එහෙ ඉස්කෝලේ යනවා.බඩේ කැක්කුමටත් බෙහෙත් ගන්ට දුවනවා.එහෙ ට්‍රිප් යනවා. රට වැසියෝ ඔල්වරසන් දෙනවා එතකොට. ඔහෙත් එහෙමද... (නි)
රෝහානි මහත්තයෝ, ලෝකේ තෙල් සම්පතින් 3වැනි තැන ඔබලාට තිබුනත් මැදපෙරදිග අනික් රටවල මම දැකලා තියනවා ගිනි අවුවේ වැඩකරන ඉරාන කම්කරුවෝ.න්‍යෂ්ටික අවි ඕනෑ නැහැ. ඔය මිනිස්සුන්ට කන්න අදින්න දුන්නොත් හොද නැද්ද.ඒ පිනම ඇතිනේ (නි)
න්‍යෂ්ටික අවියෙන් ලොව පාලනය කරනවට වැඩිය නරකද වෙළද බලයෙන් ලොව පාලනය කරන එක. සිංගප්පුරුව, කොරියාව, ජපානේ, නෙදර්ලන්තේ,ඕස්ට්‍රේලියාව වගේ. (නි)
සැම මනුෂ්‍යයෙක්ම තම රටට වෙලා තමන්ගේ වැඩක් බලාගත්තා නම් , ඔය මුකුත් ප්‍රශ්ණ නැහැ. (නි)
රුකඩේට තනි තීරණ ගන්න බැනේ.(නදී)