
නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රුසියාව හඳුන්වා දී තිබෙන ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව තුළ ද නිෂ්පාදනය කිරීමට අවධානය යොමු වී තිබේ.
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වයිරස මර්දන එන්නත සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර මේ වනවිට එහි වැඩිදුර සායනික පරීක්ෂණ සිදුවෙමින් තිබේ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනය එක්ව මෙම එන්නත නිෂ්පාදනය කරයි.
‘‘විදේශ වෙළෙඳපොළවලට ‘ස්පුට්නික් 5’ එන්නත බෙදාහැරීමට අපි සූදානම්. ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, චීනය සහ තවත් රටවල් හතරක නිෂ්පාදකයන් සමඟ අපි මේ වනවිට ගිවිසුම්වලට එළැඹ තිබෙනවා’’ යැයි රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කිරිල් ද්මිත්‍රියේව් පැවැසීය.
‘ස්පුට්නික් 5’ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සියලු අරමුදල් සපයන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනය යි.
මේ අනුව ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක ‘ස්පුට්නික් 5’ එන්නත නිෂ්පාදනය කරනු ඇතැයි පැවසේ.
ඉකුත් මාසයේදී මෙම එන්නත සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ ඖෂධ ජනරාල්වරයාගේ අවසරය ද හිමිවිය. ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් කිරීමට සහ සාර්ථක වන එන්නත බෙදාහැරීම සඳහා රුසියාවේ, ආර්.ඩී.අයි.එෆ්. ආයතනය සහ ඉන්දියාවේ ඖෂධ සමාගම මේ වනවිට ගිවිසුම්වලට එළැඹ ඇත. එමෙන්ම ඉන්දියාවට එන්නත් මාත්‍රා මිලියන 100 ක් එවීමට ද ආර්.ඩී.අයි.එෆ්. ආයතනය එකඟතාව පළ කර ඇත.
‘ස්පුට්නික් 5’ එන්නත් මාත්‍රාවක ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 10ක්, (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 1,810ක් ) වන බව පැවසේ. මෙම එන්නත, මාත්‍රා 2ක් දිය යුතු ය. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකක ඇමෙරිකානු ඩොලර් 20ක් වන අතර (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,700ක් ) වනු ඇතැයි පැවසේ.
මෙම එන්නතේ ජාත්‍යන්තර බෙදාහැරීම් ඉතා ඉක්මනින් ආරම්භ වනු ඇති බවත් ලබන වසරේ ජනවාරි වනවිට පාරිභෝගිකයන්ට මෙම එන්නත ලැබෙනු ඇති බවත් ආර්.ඩී.අයි.එෆ්. ආයතනය සඳහන් කරයි.
රුසියානු ජාතිකයන්ට මෙම එන්නත නොමිලේ ලබාදෙන බව ද එම සමාගම කියයි.
රුසියාවේ වයිරස මධ්‍යස්ථාන 29කදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 22,000කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 19,000කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව ලබා දී ඇත.
(ඒ.එෆ්.පී./රොයිටර්ස්)
055
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේදීත් හදන්න යයි