IMG-LOGO

රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඊජිප්තුවේ මේ වනවිට පනවා ඇති රාත්‍රී ඇඳිරි නීති කාලය මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා පැයකින් කෙටි කිරීමට පියවර ගෙන ඇත.

අගමැති මොස්ටාෆා මැට්බුලි මේ බව නිවේදනය කල අතර ඒ අනුව මින්පෙර රාත්‍රී 8.00ට ආරම්භ වූ ඇඳිරි නීතිය හෙට (24) වනදා සිට රාත්‍රී 9.00ට ආරම්භ වේ.

කෙසේවුවද රාමසාන් සමයේ සිදුකරන පොදු ක්‍රියාකාරකම් හා බොහෝ පිරිසක් එක්රැස් වී සිදුකරන යාඥා මෙහෙයන් තවදුරටත් තහනම් කර තිබේ.

පවුලේ සාමාජිකයන් පමණක් එක්වී ආගමික වතාවත් සිදුකරන ලෙසට උපදෙස් දී තිබේ.

අගමැතිවරයා පවසා සිටියේ ආහාර බෙදාහැරීම් වැනි සමහර කටයුතු සඳහා ආපනශාලා විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වුවද ආසාදන වාර්තා වීම වැඩි වන්නේ නම් නැවතත් වාරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ඔහු පැවසීය.

මාර්තු මාසයේ සිට ඊජිප්තුවේ ගුවන්තොටුපල සහ ආපනශාලා වසා දමා ඇත.

ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 3 659ක් වාර්තා වී ඇති අතර මරණ 276ක් සිදුවී තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

රාමසාන් වෙනුවෙන් ඊජිප්තුව රාත්‍රී ඇඳිරි නීතිය පැයකින් කෙටි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site