IMG-LOGO

මක්ස්ගෙන් නව දේශපාලන පක්ෂයක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අමනාප වූ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික; ටෙස්ලා සහ ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ; ඊලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. 

ට්‍රම්ප්ගේ සමීපතම මිතුරා වී සිටි ඉලොන් මක්ස්, ට්‍රම්ප් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසු පසුගිය දා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබුණේ එක්ස් පරිශීලකයන් අතරේ ඡන්ද විමසුමක් පවත්වන බවත්, ඔවුන් වැඩි දෙනාගේ මනාපය අනුව, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන් මුල පුරන බවත්ය.

එහිදී බහුතරයක් ඇමෙරිකානුවන්ගේ ඉල්ලීම වී ඇත්තේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන ප්‍රධාන පක්ෂ දෙකට අමතරව තෙවැනි ප්‍රධාන පක්ෂයක් අවශ්‍ය බවය. ඒ අනුව ඇමෙරිකායන නමින් නව පක්ෂයක් පිහිටුවීමට තමන් කටයුතු කරන බව මස්ක් පවසා ඇත.

මස්ක්ගේ මෙම නව දේශපාලන පක්ෂය එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමග විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේ ද යන්න මෙතෙක් තහවුරු වී නැත. මස්ක් ඇමෙරිකන් ජාතිකයකු සහ ඇමෙරිකන් ව්‍යාපාරිකයකු වුවත්, ඔහු උපතින් දකුණු අප්‍රිකානුවෙකි. ඇමෙරිකන් ව්‍යවස්ථාවට අනුව, විදේශිකයකුට එරට ජනාධිපති විය නොහැකිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා හඳුන්වා දුන් බදු පනත ද මස්ක් දැඩි ලෙස විවේනය කර ඇති අතර, නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මස්ක් කටයුතු කළේ ද එම පනතට ද අදාල කෙටුම්පත සම්මත වෙද්දීය. ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්ති මස්ක්ගේ දැඩි විවේචනයට හේතුවක් වී ඇත.



අදහස් (3)

මක්ස්ගෙන් නව දේශපාලන පක්ෂයක්

fairoos Sunday, 06 July 2025 05:21 PM

ඒ දීගයත් කැඩිලා...

:       0       7

Nandalal DE SILVA - France Monday, 07 July 2025 05:56 AM

එක පැත්තකින් ට්‍රම්ප්, මස්ක් මගුල කඩුනා. අනිත් පැත්තෙන් යුක්රේනය ගැටුම පැය 24 න් නවත්වන්න කයිවරු ගහපු ට්‍රම්ප්ට පුටින්ගෙන් ලැබුණු සමච්චලය ට්‍රම්ප් සීයට ඉවසා ගන්න බැරි වෙලා තියෙන්නේ. යුක්රේනයට ඇමරිකාවෙන් දුන් යුධ ආධාර නැවැත්වීම ගැන මුළු යුරෝපයම ට්‍රම්ප් මුට්ටා කියලා කොන් කර තිබෙනවා . දැන් එයා මඩේ එරිලා . කරගෙන යන මෝඩ, ගොන් තකතීරුකම් නිසා, ඔහු තවත් තවත් මඩ වගුරේ පතුලට යමින් ඉන්නවා!

:       1       2

Perakum Monday, 07 July 2025 02:57 PM

කවුරු මොනවා කිව්වත් ඊලෝන් මස්ක් එන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පලිගන්න මිස රට හැදීමේ අරමුණින් නෙවෙයි. එයා අප්‍රිකානු ජන්ම ගතිය ප්‍රදර්ශණය කරනවා. අපේ දේශපාලුවෝ වගේම තමයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 574 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1004 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site