IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තුර්කියට යුරෝපා සංගමයෙන් අරියාදු

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර යුරෝපයේ ආරක්ෂාව තහවුරු කිරීමට පිහිටුවා ගත් නේටෝ යුද සංවිධානයේ බලකණුවක් වශයෙන් හැඳින්වෙන තුර්කියට  යුරෝපයේ ආර්ථික හා දේශපාලන එකතුව වන යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සමහර විට 2023 තරම් ඈතට යන සිහිනයක් බවට පත්ව ඇත. ඒ ඔටෝමන් අධිරාජ්‍යයේ ග‍්‍රහණයෙන් මිදී නූතන තුර්කි ජනරජය පිහිටුවා ශත සංවත්සරය යෙදෙන්නේ 2023 වසරේදී වන හෙයිනි. පසුගිය ඔක්තෝබර් මාසයේදී යුරෝපා කොමිසම තුර්කි අයැදුම් පත සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව තුර්කිය සම්පූර්ණ කර ඇත්තේ ප‍්‍රතිපත්ති ලේඛණයේ පරිච්ඡේද 35කින් එකක්  පමණි. 2005 දී සාමාජික අයැදුම් පත ඉදිරිපත් වූ විට විරෝධය ප‍්‍රකාශ කළ ඔස්ත‍්‍රියාවට අමතරව යුරෝපා සංගමයේ ප‍්‍රබලතම රටවල් දෙක වන ප‍්‍රංශය හා ජර්මනිය තුර්කිය මෙතෙක් සපුරා ඇත්තේ කරුණු 13ක් පමණ වන නිසා සාමාජිකත්වය පිරිනැමීම කල්දැමීමට යෝජනා කරති.
ප‍්‍රංශයේ කලින් සිටි ජනාධිපති සාර්කෝසි තූර්කියේ අයැදුම්පත ප‍්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් වූයේ එය යුරෝපීය රටක් නොවන බව පවසමිනි. එයට තුර්කිය අයැදුම්පත ගැන එක්සත් රාජධානිය එකඟතාව පළ කළත් ප‍්‍රධාන රටවල් දෙකේ විරෝධය යටපත්කළ නොහැකිවිය. තුර්කිය සමීපතමයකු වන ඇමරිකා එක්සත් ජනපදය ද තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිරිනැමිය යුතු බව ප‍්‍රකාශ කළත් තත්ත්වයේ වෙනසක් ඇති වූයේ නැත. 2005 දී මෙම අයැදුම් ඉදිරිපත් වූ විට ප‍්‍රධාන වශයෙන් විරෝධයක් එල්ල වූයේ තවමත් නොදියුණු මට්ටමක පවතින තුර්කි කෘෂිකර්මාන්තය යුරෝප සංගමයට දැරිය නොහැකි බරක් වීමට ඉඩ තිබුණ නිසාය. යුරෝපා සංගමය ගණන් බලා තිබූ ආකාරයට තරගයට මුහුණ දිය නොහැකි කෘෂිකර්මාන්තය රැුක ගැනීම සඳහා වසරක යූරෝ බිලියන 14ක් තුර්කියට ලබාදීමට සිදුවේ.
මීට අමතරව තුර්කිය සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් හා ප‍්‍රකාශනයේ නිදහස පිළිබද ගැටලූ ද ප‍්‍රංශය හා ජර්මනිය විසින් මතුකර තිබිණි. ආගමික නඩුවකින් යුත් අගමැති එර්ඩොගාන්ගේ පාලනය යටතේ ප‍්‍රකාශන අයිතිය සීමා කෙරෙන නීති පැනවී තිබුණ ද ඒවා වෙනස් කිරීම ඔහු මෙතෙක් අසමත් වූයේය. සුළු ජාතිකයන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට පියවර නොගැනීම කුර්දි ජන කොටසේ සාමූහික අයිතිය පිළිනොගැනීම ජනමාධ්‍ය පිළිබඳව පනවා ඇති වාරණ තුර්කියට විරුද්ධව නැගුණු චෝදනාය. තුර්කි හා ග‍්‍රීක ජනපදනම අනුව උතුරු හා දකුණු නමින් බෙදී වෙන් වූ සයිප‍්‍රස පිළි නොගැනීම ද තුර්කියේ අයැදුම්පත සලකා නොලැබීමට හේතු වූ අනෙක් කරුණුය. තුර්කි වාර්ගිකයන් බහුතරය වන උතුරු සයිප‍්‍රසය තුර්කිය පිළිගත් නමුත් දකුණු සයිප‍්‍රසය මෙතෙක් පිළිගෙන නැත. යුරෝපා සංගමයේ ප‍්‍රබලයන් වන ප‍්‍රංශය හා ජර්මනිය සඳහන් කරන ආකාරයට මෙම මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන තෙක් තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිරිනැමෙන්නේ නැත.
එහෙත් සමහර නිරීක්ෂකයන් දක්වන ආකාරයට මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ තුර්කිය යුරෝපීය රටක් නොවීමත්, ආගමික වශයෙන් එම රටවලින් වෙනස්වීමත්ය. දශලක්ෂ 75ක ජන සංඛ්‍යාවකින් යුත් තුර්කිය යුරෝපීය සමාගම්වලට හොඳ වෙළඳ පොළක් වන නමුත් එය යුරෝපීය ප‍්‍රජාවට ඇතුළත්කර ගැනීමෙන් වෙනත් සමාජයීය ගැටලූ ඇති විය හැකිය. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට තුර්කියේ ඇති විදේශීය ආයෝජනවලින් සියයට 80ක්ද ලැබෙන්නේ යුරෝපා සංගමයෙනි. එහෙත් ගත වූ වසර හතක කාලය තුළ තුර්කිය හා යුරෝපා සංගමය අතර කෙරෙන වෙළඳාම සියයට 67 සිට 29 දක්වා පහත වැටී මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ එම කාලය තුළ තුර්කියේ දළ ජාතික නිෂ්පාදිතය සියයට 7-8 අතර වර්ධන අනුපාතයක් නොකඩවා පවත්වා ගත් තත්ත්වය යටතේය.
මින් පැහැදිලි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට තුර්කිය මැද පෙරදිගට පිවිසීමේ දී උපාය මාර්ගික වශයෙන් වැදගත් වුවත් සාමාන්‍යයක් ලෙස පිළිගැනීමට එය හේතුවක් නොවීමය. දැනට සිරියාවේ අසාඞ් පාලනය පෙරළා දැමීමට සටන් කරන  පුහුණු හා යුද අවි සැපයෙන්නේ තුර්කියේ පිහිටුවා ඇති නේටෝ කඳවුරු තුළිනි. කැරලිකරුවන් සිරියානු රජයේ  ගුවන් ප‍්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ඇමරිකානු පේ‍්‍රටි‍්‍රයට් මිසයිල් ස්ථානගත කලේ තුර්කියේ සිරියානු දේශ සීමාව අසලය. සමහර විට ඉදිරියේදී ඉරානයට එරෙහිව නේටෝ රටවලින්  ප‍්‍රහාරයක් එල්ල  කරන්නේ නම් ඊට තුර්කියේ පහසුකම් අත්‍යවශ්‍යය. එහිදී එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට මානව අයිතිවාසිකම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සැලකිල්ලට නොගනී. මෙවැනි පසුබිමක් තුළ තුර්කියට යුරෝපා සංගමයේ සාමාජිකත්වය අහිමි කිරීමේ දෙබිඩි ප‍්‍රතිපත්තියේ තවත් ප‍්‍රකාශයක් පමණි.

නේටෝ සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ රැස්වීමතුර්කි ජාතිකයන්ගෙන් ජර්මනියට විරුද්ධව පෙළපාලිප‍්‍රංශයේ හිටපු ජනාධිපත් සර්කෝසිනේටෝ සංවිධානයේ ලේකම්බෑන් කී මූන් සමඟ තුර්කි ජනපති



අදහස් (0)

තුර්කියට යුරෝපා සංගමයෙන් අරියාදු

සදුන් Friday, 04 January 2013 05:16 PM

අයියෝ සල්ලි

:       0       0

රෝහණ Friday, 04 January 2013 07:21 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1745 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1439 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site