IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඔබාමාගෙන් ඉරානයට රතු එළියක්

ඉරානයේ සුපිරි ඔත්තු සේවය වන කුඞ්ස් මෙහෙයවීම යටතේ එක්සත් ජනපදයේ සිටින සෞදි අරාබි තානාපති වොෂින්ටනයේදී ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට එක්සත් ජනපද බුද්ධි අංශ සමත්වූ බව ජනාධිපති බරක් ඔබාමා පසුගිය සතියේදී ප‍්‍රකාශ කළේය. ජාත්‍යන්තර හැසිරීම පිළිබඳ සම්මත නොසලකා මේ ආකාරයෙන් කටයුතු කරන ඉරානයට ඒ සඳහා බිලක් ගෙවීමට සිදුවන බවත් එහිදී එක්සත් ජනපදය ගත හැකි කිසිදු පියවරක් අත නොහරින බවටත් තර්ජනය කළේය. ඉන් අදහස් වූයේ අවශ්‍ය වන්නේ නම් ඉරානයට එරෙහිව සන්නද්ධ ප‍්‍රහාරයක් එල්ල කිරීමට හෝ පසුබට නොවන්නේය යන්නයි. ජනාධිපති බුෂ්ගේ පාලන සමයේ සිටම ත‍්‍රස්තවාදයට අනුබල දෙන රටක් වශයෙන් නම්කර ඇති ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළද ලෝක සාමයට තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය මෙවැනි කුමන්ත‍්‍රණයක් සුළු කොට නොතකන බව පැහැදිලිය. න්‍යෂ්ටික වැඩ පිිළිවෙළ සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ප‍්‍රමාණවත් නොවන නිසා ඉරානය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරෙන සේ තෙල් කර්මාන්තය කෙරේ අතිරේක සම්බාධක පැනවීමට හා අවශ්‍යනම් සන්නද්ධ කි‍්‍රයාමර්ග ගැනීමට ද සූදානම් බව ජනාධිපති ඔබාමා මෙන්ම නේටෝ රටවල සෙසු නායකයෝ ද ප‍්‍රකාශ කළහ. එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට සෞදි තානාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ වෙසෙන ඉරාන සම්භවයක් ඇති පුද්ගලයෙකුවන මන්සූර් අර්බසීර්ය. බංකොළොත් වූ වාහන අලෙවි කරුවෙකු වන ඔහු මෙම ඝාතනය සිදු කිරීමේ කොන්ත‍්‍රාත්තුව භාරදී ඇත්තේ මෙක්සිකෝවේ මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මැර කල්ලියක් වන සේටා නම් සංවිධානයටය. ඒ සඳහා ඔවුන්ට ඩොලර් දශ ලක්ෂ 1.5ක මුදලක් ගෙවීමට පොරොන්දුවී ඇති අතර ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා මත් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ඉරාන රජය සහාය ලබා දීමට පොරොන්දුවූ බවද සඳහන්වේ. ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගෙවීමට නියමිත මුදලෙන් කොටසක් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බැංකුවක් මගින් ලබාදී ඇති බවද එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය සඳහන් කරයි. එම ආයතනය වාර්තා කරන ආකාරයට මෙම ඝාතනය සැලසුම් කළ කුඞ්ස් සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයා දැනට සිටින්නේ ඉරානයේ තෙහෙරාන් නගරයේ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත. පසුගිය මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ මන්සූර් අර්බසීර්ට එරෙහිව එක්සත් ජනපදයේ උසාවියක නඩු පවරා ඇත. එෆ්.බී.අයි. ආයතනය ප‍්‍රකාශ කරන ආකාරයට ඝාතන සැලැස්ම කල් ඇතිව හෙළිකර ගැනීමට හැකිවූ නිසා ජීවිත හානි වැළැක්වීමට හැකි වුවද ඉන් සිද්ධියේ බරපතළකම අඩු වන්නේ නැත. එම නිසා එක අතකින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජනපදය යෝජනාවක් ගෙන ඒමට සූදානම්ය. අනෙක් අතට ඔබාමා සඳහන් කරන ආකාරයට ජාත්‍යන්තර සම්මතවලට පටහැනිව කි‍්‍රයා කරන ඉරානයට නිසි දඬුවම් ද ලබාදිය යුතුය. එක්සත් ජනපද හා සෞදි බුද්ධි අංශ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ප‍්‍රකාශකර ඇති ආකාරයට පසුගිය මැයි මාසයේ 16 වැනිදා කරච්චියේදී සෞදි තානාපති නිලධාරියෙකු ඝාතනය කිරීම සැලසුම්කර ඇත්තේ ඉරානය විසිනි. මෙම ඝාතන සැලැස්ම හෙළිකර ගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්සත් ජනපදයෙන් පත්කර ඇති නිත්‍ය නියෝජිත සුසාන් රයිස් ඉරාක නියෝජිතයා හමුවී සිය විරෝධය පළ කළ බවද සී.බී.ඇස්. වාර්තාවක සඳහන්වේ. දෙරට අතර තානාපති සබඳතා බිඳ වැටීමෙන් පසු තානාපති නිලධාරීන් අතර හමුවක් සිදු නොවන නිසා මෙම හමුව විශේෂයෙන් වැදගත්ය. කෙසේ වුවත් ඉරානය මෙවැනි හමුවීමක් සිදු නොවූ බව ප‍්‍රකාශ කර ඇත. මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය හා සෞදි අරාබියත් ඊශ‍්‍රායලයත් බරපතළ අපරාධයක් ලෙස හැඳින්වුවද බොහෝ නිරීක්ෂකයෝ සම්පූර්ණ සිද්ධිය ගැනම සැක පහළ කරති. එෆ්.බී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ රොබට් මුලර් විසින්ම හොලිවුඞ් නාට්‍යයක පිටපතකට සමානයැයි සඳහන් කළ මෙම ඝාතනය පිළිබඳ කොන්ත‍්‍රාත්තුව ලබාදී ඇත්තේ මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කි‍්‍රයාත්මක සංවිධානයක ඒජන්ත කෙනෙකුට වීමද සැකයට තුඩු දෙන්නක් බව ඔව්හු පෙන්වා දෙති. සිය මෙහෙයුම් සැලසුම් කිරීම පිළිබඳව උසස්තම වෘත්තීය හැකියාවන් ඇතැයි හැඳින්වෙන කුඞ්ස් ආයතනය මෙතරම් සංවේදී කරුණකදී කි‍්‍රයාකර ඇතැයි කියන ආකාරය පිළිගැනීමට අපහසුය. අනෙක් අතට සෞදි තානාපතිවරයා එක්සත් ජනපදයේදී ඝාතනය කිරීම අනිවාර්යයෙන්ම ප‍්‍රතිප‍්‍රහාර බලාපොරොත්තුවෙන් කළ යුතුය. මෙම තානාපති නිලධාරියා ඝාතනය කිරීම ප‍්‍රමුඛ කටයුත්තක් නම් ඒ සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීම ද අපහසු නොවේ. සමහර වාර්තාවල සඳහන් වෙන ආකාරයට ඉරානය මෙවැනි අනතුරුදායක පියවරක් ගෙන ඇත්තේ බහරේනයේ ෂියා ආගමිකයින්ගේ උද්ඝෝෂණය මැඩලීමට සෞදි හමුදාව යෙදවීම නිසාය. බහරේනයේ ජනතා උද්ඝෝෂණ මැඩලීමට සෞදි හමුදාව මෙහෙයවීම ඉරානයේ මෙන්ම වෙනත් බොහෝ රටවල අප‍්‍රසාදයට ලක් වූවකි. ඉන් හෙළිදරව් වූයේ සෞදි අරාබිය මැද පෙරදිග ඒකාධිපති පාලකයින් රැක ගැනීමට සිය හමුදා බලය යෙදවීමට සූදානම්ය යන නග්න වූ සත්‍යයයි. ඒ අනුව බලන විට මැද පෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව නැගෙන මහජන විරෝධයෙන් ගැලවීමට සෞදි අරාබියටද හැකියාවක් නැත. අල්ලසක් වශයෙන් රාජ්‍ය සහනාධාර වැඩි කළ නමුත් සෞදි අරාබිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සඳහා ජනතාව තුළ ඇති ඉල්ලීම යටපත් කළ නොහැක. ඒ සඳහා ඉරානය වැනි ”පොදු” සතුරෙකු යොදා ගැනීම බෙහෙවින් ප‍්‍රයෝජනවත්ය. විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිකර ඇති තොරතුරු අනුව සර්පයාගේ හිස ගසා දැමීම ප‍්‍රමාද නොකළ යුතු යැයිද එම නිසා ඉරානය ආක‍්‍රමණය කළ යුතු යැයිද සෞදි අරාබිය එක්සත් ජනපදයට යෝජනා කර තිබිණ. ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සැලසුම් කරන්නේ යැයි චෝදනා කරන ඊශ‍්‍රායෙලය එය වැළැක්වීමට කඩිනම් පියවර එනම් ප‍්‍රහාරයක් එල්ල කිරීම ප‍්‍රමාද කළ යුතු නැතැයි නිතර අවධාරණය කරයි. සිරියාව න්‍යෂ්ටික වැඩ පිළිවෙළක් සඳහා යොදා ගෙන ඇතැයි සැක කරන මධ්‍යස්ථානයක් ඊශ‍්‍රායලය හදිසි ගුවන් ප‍්‍රහාරයක් එල්ල කොට විනාශ කළ බවද අමතක නොකළ යුතුය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලටද ඊශ‍්‍රායෙලය පහර දීමට සූදානම් වුවද ඊට එක්සත් ජනපදයෙන් අනුමැතිය පළ වූයේ නැත. එහෙත් තානාපතිවරයෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම ඉරානයේ හිතුවක්කාර බවට නිදසුනක් වන්නාසේම ඊට එරෙහිව පියවර ගැනීමට ජාත්‍යන්තර මතය යොදා ගැනීමට එක්සත් ජනපදයට හා ඊශ‍්‍රායෙලයට අවස්ථාවක්ද විය හැක. මෙම ඝාතන සැලැස්ම එක්සත් ජනපදය තුළ උග‍්‍ර වෙමින් පවතින මහජන විරෝධතා පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වන ඉරානය සම්පූර්ණ සිද්ධිය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඊට අමතරව සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇති මන්සූර් අර්බසිරි මුණ ගැසීමට හා සිද්ධිය පිළිබඳව අනාවරණය කර ගෙන ඇති තොරතුරු තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියි. එම ඉල්ලීම බොහෝ විට එක්සත් ජනපදය විසින් ප‍්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත. ඒ වෙනුවට ඉරානය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කරවන සම්බාධක පැනවීමට හා එහි පාලකයින් වෙනස් කිරීමට එක්සත් ජනපදය සූදානම් වුවත් එය පහසු කටයුත්තක් විය නොහැක. දශ වසරක් ගතවී ඇති ඇෆ්ගන් යුද්ධය අවසන් කළ යුතු ආකාරය ගැන තවමත් නිශ්චිත උපාය මාර්ගයක් සකසා ගැනීමට නොහැකිව සිටින ජනාධිපති ඔබාමා ඉරානයද එම මඩගොහොදුවට පත් කළහොත් එය ඉරාක හෝ ඇෆ්ගන් අත්දැකීමෙන් වෙනස් වන්නේ යැයි කිව නොහැක. එමනිසා තානාපති නිලධාරි ඝාතන සැලැස්ම තවත් 9/11 සිද්ධියක් කරගත හොත් මැද පෙරදිග ස්ථාවරත්වයට මෙන්ම ලෝක සාමයට බලවත් තර්ජනය වන බව පැහැදිලිය.

එක්සත් ජනපදයෙන් උගන්ඩාවට විශේෂ භට පිරිසක්

දේශපාලන හා ආරක්ෂක කටයුතු සම්බනධයෙන් වඩාත් සංවේදී ප‍්‍රදේශයක් වන උගන්ඩාවට එක්සත් ජනපදයේ විශේෂ හමුදා භටයින් 100කගේ කණ්ඩායමක් යැවූ බව ජනාධිපති ඔබාමා පසුගිය සතියේදී කොංග‍්‍රස් මණ්ඩලයට වාර්තා කළේය. උගන්ඩාව, මධ්‍යම අපි‍්‍රකානු ජනරජය, දකුනු සුඩානය හා කොංගෝව ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වන ජෝෂප් කෝනිගේ නායකත්වයෙන් යුත් ලෝඞ් රෙසිස්ටන්ස් ආමි (Lord Resistance Army)යනුවෙන් හැඳින්වෙන භට කණ්ඩායම විනාශ කිරීම සඳහා පිටත්කර හරින ඇමරිකානු භටයින්ගේ මූලික වගකීම වන්නේ එම කාර්ය සඳහා උගන්ඩා සෙබළුන් පුහුණු කිරීමය. ඇමරිකානු භටයින් ඍජුවම සටන්වලට සම්බන්ධ නොවන බව සඳහන් කළද මෙම භට කණ්ඩායමක් යැවීම නිසා උගන්ඩා හමුදාවට සෝමාලියාවේ අල් ෂබාබ් සටන්කරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම්වලට වඩාත් පහසුවෙන් සම්බන්ධවිය හැකි යැයිද වාර්තාවේ. අපි‍්‍රකානු රටවල හදිසි තත්ත්වයකදී මැදිහත්වීම සඳහා එක්සත් ජනපදය ස්ථාපිත කළ අපි‍්‍රකානු හමුදාංකය රඳවා ඇත්තේ ජර්මනියේය. නැගෙනහිර අපි‍්‍රකාවේ කුඩා රටක් වන ඩජිබ‍්‍රට් හි ඇමරිකානු කඳවුරක් පිහිටුවා ඇතත් එය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන්නේ නැත. එම නිසා සංඛ්‍යාව අතින් කුඩා වුවත් මෙවැනි භට කණ්ඩායමක් උගන්ඩාවට යැවීම ඇමරිකානු උපාය මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සුඩානයේ දකුණු ප‍්‍රදේශයේ හා කෙන්යාවේ උතුරු ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ ලෝඞ් රෙසිස්ටන්ස් ආමි නමින් හැඳින්වෙන මෙම සන්නද්ධ කල්ලියේ බලය දැන් බෙහෙවින් දුර්වල වී ඇතැයි සැලකේ. උගන්ඩාවේ රජය පවසන ආකාරයට දැනට එම සටන්කරුවන්ගේ සංඛ්‍යාව 200-400ත් අතර පවතී. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද අවශ්‍ය කෙරෙන පුද්ගලයෙකුවන එම සටන් කල්ලියේ නායක ජෝෂප් කෝනි සහ එහි අනෙකුත් නායකයින් තුරන් කිරීම මෙම භට කණ්ඩායම යැවීමේ අරමුණ බව ජනාධිපති ඔබාමා සඳහන් කරන නමුත් වසර 25ක් තිස්සේ නොකඩවා බලයේ සිටින ජනාධිපති යොන්වරි මුංසවෙනි තමා වෙනුවෙන් සටන් කිරීමට වෙනත් අය යොදා ගන්නේ නැතැයි අවධාරණය කළේය. වඩාත් සරලව මෙම පිරිස හමුදා භටයින් යනුවෙන් හැඳින්වීම පවා නුසුදුසු යැයි ඔහු කියයි. එමෙන්ම මේ පිරිස රඳවා සිටින්නේ මාස දෙකකට පමණ යැයිද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වුවත් මෙවැනි භට කණ්ඩායමක් උගන්ඩාවට යැවීම පිළිබඳව එක්සත් ජනපදයේ කොංග‍්‍රස් මණ්ඩලයෙන් කිසිම විරෝධයක් පළවූයේ නැත. එමෙන්ම පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපදය උගන්ඩාව හා බුරැන්ඩි යන රටවලට ඩොලර් දශ ලක්ෂ 45ක හමුදා උපකරණ ලබාදීම ද වැදගත්ය. වාර්තාවන ආකාරයට ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ස්තී‍්‍ර දුෂණ හා මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ජෝෂප් කෝනිගේ සටන්කරුවන් අකර්මන්‍ය කිරීම මධ්‍යම අපි‍්‍රකානු රටවල් ගණනාවකම අවශ්‍යතාවකි. එහෙත් දැනට 200-400ත් අතර කණ්ඩායමකට සීමාවී සිටින ඔවුන් විනාශ කිරීමට විශේෂ භට කණ්ඩායම් හා මහා පරිමාණය අවි ආයුධ අවශ්‍ය වන්නේද යන්න ප‍්‍රශ්නයකි. සමහර නිරීක්ෂකයින් සඳහන් කරන ආකාරයට මෙවැනි භට කණ්ඩායමක් යැවීම එක්සත් ජනපදය මධ්‍යම හා නැගෙනහිර අපි‍්‍රකානු ප‍්‍රදේශයේ සිය ආරක්ෂක උපාය මාර්ගවල නව නැඹුරුවක් ද විය හැක. 1993දී සෝමාලියාවේ මොගඩි නගරයේදී තම හමුදා භටයින් ඝාතනයට ලක්වීමෙන් පසු එක්සත් ජනපදය එම ප‍්‍රදේශයට හමුදාව යැවීමට අදහස් කළේ නැත. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ සටන් බිමේ අත්දැකීම් ඇති එක්සත් ජනපදය අපි‍්‍රකාවේදී ද එවැනිම තත්ත්වයකට මුහුණදීමට අදහස් කරන්නේ යැයි සිතිය නොහැක. විශේෂයෙන්ම ලබන වසරේදී නැවත වරක් ජනාධිපතිවරණයකට මුහුණදීමට සූදානම් වන ඔබාමාට නැගෙනහිර අපි‍්‍රකාවේ සටන් බිමක ඇමරිකානු සෙබළුන් මිය යෑම හෝ තුවාල ලැබීම සිය ඡුන්ද දායකයින් ඉදිරියේ හේතු යුක්ති කිරීම අසීරුය. එසේ වුවත් උගන්ඩාව වැනි රටක හමුදාව සම්බන්ධතා පවත්වා ගැනීමට උපාය මාර්ගික අවශ්‍යතාව ද අමතක කළ හැකි දෙයක් නොවේ. එය විශේෂයෙන් වැදගත් වන්නේ චීනය හා ඉරානය වැනි රටවල් උගන්ඩාව හා අනෙකුත් අපි‍්‍රකනු රටවල් සමග ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම තීරණාත්මක සාධකයක් වන නිසාය. චීනය දැනටමත් උගන්ඩාවේ විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර ඉරානය ද දෙරට අතර ආර්ථික කටයුතුවල සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට උනන්දුවේ. මෑතකදී උගන්ඩාවේ සංචාරයක යෙදුන ඉරාන දුත පිරිසක් එහි තෙල් කර්මාන්තයේ ආයෝජනය කිරීමටත් ඒ සඳහා තාක්ෂණය හා පුහුණුව ලබාදීමටත් එකඟ වූහ. මෙවැනි පසුබිමක් තුළ සංඛ්‍යාවෙන් කුඩා වුවද උගන්ඩාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් වන රටකට භට කණ්ඩායම රැඳවීම කුඩා සටන්කාමී පිරිසක් තුරන් කිරීමට සීමා වන්නේ යැයි කිව නොහැක. දැනටමත් වාර්තාවන ආකාරයට ඇමරිකාවේ ඉලක්කයක් වී ඇති සෝමාලියාවේ අල් සභාබ් සටන්කරුවන් මර්දනය කිරීමට කෙන්යානු භට පිරිස් සෝමාලියාවට ඇතුළු වී සිටිති. මීට පෙර එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ඇතිව ඉතියෝපියානු හමුදා එම අරමුණෙන්ම සෝමාලියාවට පිවිසුණ ද සාර්ථක වූයේ නැත. එහි ප‍්‍රතිඵලය වූයේ සෝමාලියාව තව තවත් අරාජික තත්ත්වයට පත්ව නියඟය වැනි ස්වභාවික විපත්වලට ද ගොදුරු වීමය. එමනිසා උගන්ඩාවට ඇමරිකානු විශේෂ භට පිරිස් යැවීම වඩාත් පුළුල් ප‍්‍රදේශයක යුද ගිනි දැල් ඇවිල නොවීමට හේතුවන්නේ නම් අගය කළ යුතුය.
සටහන -මහින්ද හත්තක
ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඉරානයේ මිසයිල හිලරි ක්ලින්ටන් ඉරානයේ සුපිරි නායක අයතොල්ලා හමීඞ් ඉරාන හමුදාව ඉරාන ජනපති අහමඞ් නෙජාඞ් උගන්ඩාවේ විපක්ෂය සංවිධානය කළ පෙළපාලියක් පොලිසිය යොදා මර්දනය කළ අවස්ථාව උගන්ඩා ජනාධිපති මුසවේනි ලෝඞ් රෙසිස්ටන්ස් ආමි නායක ජෝශප් කෝනි



අදහස් (0)

ඔබාමාගෙන් ඉරානයට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දියාවේ හෝටලයක ගින්නක්
2025 අප්‍රේල් මස 30 80 0

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.


චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට
2025 අප්‍රේල් මස 30 84 0

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.


න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
2025 අප්‍රේල් මස 30 252 0

ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට


තායි රජු - බිසව ගුවන් යානාය පියාසර කරමින් ඇවිල්ලා
2025 අප්‍රේල් මස 30 212 0

තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.


කැනඩාවේ සුළුතර රජයක්
2025 අප්‍රේල් මස 30 72 0

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර


ස්වීඩනයේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 30 61 0

ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 346 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 90 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1114 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site