IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට

මඟී දුම්රිය ප්‍රවාහන සේවා මැයි 12 වැනිදා සිට ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දුම්රිය 15 බැගින් යොදාගනිමින් ක්‍රමයෙන් මඟී දුම්රිය ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් එරට දුම්රිය සේවා ද නවතා දැමිණි. ඉන්දියාව ද මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ඉහත කී දුම්රිය නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් කරන බවත් විශේෂ දුම්රිය ලෙස ගමන් කරන බවත් දුම්රිය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය දිබ්රුගාර්, අගර්තලා, හව්රා, පැට්නා, බිලාස්පූර්, රන්චි, බුවනේස්වර්, සෙකුන්දරාබාද්, බෙංගලරූ, චෙන්නායි, තිරුවනන්තපුරම්, මද්ගොවාන්, මුම්බායි (මධ්‍යම), අහ්මෙදාබාද් සහ ජම්මු තව්වි යන නගර වෙත ගමන් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව තවත් නගර වෙත විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බවත් දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාවේ දුම්රිය මැදි 20,000ක ‘කොවිඩ්-19’ සුව සේවා මධ්‍යස්ථාන සඳහා වෙන් කෙරුණි. ඉතිරිව තිබෙන දුම්රිය මැදිරි අනුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බව ද දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.

දුම්රියේ ගමන් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතු බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
වලංගු ප්‍රවේශපත්‍ර ඇති මඟීන්ට පමණක් දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බවත් සාමාන්‍ය ගමන් ගාස්තු අය කරන බවත් දුම්රිය බලධාරීහු කීහ.

දුම්රිය ස්ථානවල කවුළුවලින් ප්‍රවේශපත්‍ර ලබා නොදෙන බව ද ඔවුහු පැවැසූහ.

දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය බවත් දුම්රියට ගොඩවීමට පෙර සියලුම මඟීන්ගේ උණ පරීක්ෂා කිරීමට ද බලධාරීහු කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ දුම්රිය මඟී ප්‍රවාහන සේවා මාර්තු 25 වැනිදා සිට නවතා දමා තිබිණි.
 
‘හින්දුස්තාන් ටයිම්ස්’

055



අදහස් (0)

ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 367 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 462 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site