ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ බිරිඳ වන සවිතා කෝවින්ද් මහත්මිය ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා මර්දනට සටනට එක්වෙමින් මුඛ ආවරණ මැසීම ආරම්භ කර ඇත.
ජනපති වතුයායේ තිබෙන ‘ශක්ති හාත්’ හි සිටිමින් ඇය එලෙස මුඛ ආවරණ මැසීම ආරම්භ කර තිබෙන අතර දිල්ලියේ නිවාස අහිමි හා අවවරප්‍රසාදිත පිරිස් අතරේ බෙදා දීමට නියමිතය.
සවිතා කෝවින්ද් මහත්මිය රතු පැහැති රෙදි කඩකින් සකසා ගත මුඛ ආවරණයක් පැළැඳ මුඛ ආවරණ මැසීමේ නිරත වී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ඉන්දීය මාධ්‍ය ඊයේ (22) ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එක්ව සටන් වැදිය හැකි බවත් සියලු දෙනාටම යමක් කළ හැකි බවත් මුඛ ආවරණ මැසීමේ නිරත වීමෙන් ඉන්දීය ජනපති ආර්යාව පණිවුඩයක් ලබා දී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළැඳීමට අමතරව සමාජ දුරස්ථභාවය ඇතුළු තවත් සෞඛ්‍යාරක්ෂිත පියවර ගත යුතු සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ මුඛ ආවරණයක් කිහිපයක් පොදුවේ භාවිතයට ගැනිණි. රෙදි මුඛ ආවරණ, ස්ථර තුනකින් සමන්විත සායනික මුඛ ආවරණ සහ එන්95 ස්වසන මුඛ ආවරණ බහුලව භාවිතයට ගැනිණි.
එන්.ඩී.ටීවී.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානු ජනපති බිරිඳ මුඛ ආවරණ මැසීම අරඹයි
ධම්ම Thursday, 23 April 2020 08:38 AM
එහෙත් ෂෝ..
RaveendraThursday, 23 April 2020 09:13 AM
ඇත්තෙන්ම එහෙත් "ෂෝ" මෙහෙත් ෂෝ... නමුත් අවංකව තමාගේ රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන් බොහොම නිශ්ශබ්දව තමන්ගේ වැඩකොටස කරයි කියමනකුත් තිබෙනාවනේ " වැඩකරන මිනිසාගේ හඩක් නොඇසෙන අතර වැඩ නොකරන බුරුව " තුන්ලෝකෙටම ඇහෙන්න උම්බෑ " නද දෙනවා කියලා... අපේ රටේ දේශපාලුවන් 100% මෙය යහමින් අදාළ වේ.
samanThursday, 23 April 2020 12:42 PM
" ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ "
කල්පනාFriday, 24 April 2020 02:31 AM
මෙතුමිය අවවාදයට වඩා ආදර්ශය උතුමිබව පෙන්වාදී තිබෙනවා.අනේ අපේ රටෙත් මෙවැනි ආර්යාවෝ පහළ වේවා !
Nandalal DE SILVA - France Thursday, 23 April 2020 09:11 AM
අපෝ "ෂෝ" කියන්න එපා ඒ වැඩේට. දැක්ක නේද එම ආර්යාව පැරණි තාලේ අත් මැෂින් එකකින් සිය රටේ ජනතාව වෙනුවෙන් මුඛ ආවරණ මැසීම කරන හැටි ? අපේ රටෙත් එහෙම ආර්යාවන් දුසිම් ගණන් හිටියත්, එවැනි ජනහිතකාමී වැඩක් කරන එකම පින්තුරයක්වත් තවම නම් එකම පුවත්පතක හෝ විද්‍යුත් නාලිකාවක අප දැක නැත. දැන්වත් "එකට නැගිටිමු" කියා අපේ මැතිණියන් අවදි කරමු නේද ?
විපරමා Thursday, 23 April 2020 10:50 AM
ඒකටත් එක්ක මෙහෙ ඉන්න ආර්‍යාවෝ ගැන කවර කතාද ?
Nilmini perera Thursday, 23 April 2020 11:27 AM
අපෝ මේ වෙලාවෙ තවත් වසංගතයක් එලියට ගන්න එපා. අපිට ඔය මැතිනියන්ගෙ නාඩගම් බලන්න ඕන නැ. ඔය ඉන්න විදිහට එයාලා මාලිගා වල සැතපුනාවෙ. නාලිකා ටික එයාලා පස්සෙ ගිහාම දුප්පතාගෙ පනිවිඩ පෙන්නන්නෙ කවුද .
Jehaan Thursday, 23 April 2020 12:09 PM
අපේ කට්ටිය ඉන්නේ එක්කෝ නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්නයි, පීත්ත පටි කපන්නයි, මල් බොකේ පිළිගන්නැයි විතරයි.
Nandalal DE SILVA - FranceThursday, 23 April 2020 01:23 PM
එච්චරද?