රුසියාවේ ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා මිලියන 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රුසියාව සහ ඉන්දියාවේ තවත් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන පැනසියා බයෝටෙක් සමාගම ගිවිසුම් අත්සන් කර ඇත.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වසංගත රෝග සහ ක්ෂුද්‍ර ජීව විද්‍යා පර්යේෂණ ආයතනය වන ගැමෙලයා පර්යේෂණ ආයතනය ‘ස්පුට්නික් V’ එන්නත සංවර්ධනය කරන ලදි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ලියාපදිංචි කරන ලද මුල්ම එන්නත වන්නේ ද රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත යි.
රුසියාවේ ‘ස්පුට්නික් V’ එන්නත මේ වනවිට සියයට 91.6ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.
“වසංගතයට එරෙහිව සටන් කරන්න සහ එයින් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය එන්නත් සහයෝගීතාවය යි. ලෝකය දිගින් දිගටම නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරනවා. ඒ අතර ‘ස්පුට්නික් V’ එන්නතට තිබෙන ඉල්ලුමත් වැඩි වෙමින් තිබෙනවා. එය දැනට නව කොරෝනා වයිරසයට එරෙහිව තිබෙන හොඳම එන්නත්වලින් එකක්” යැයි රුසියාවේ ආර්.ඩී.අයි.එෆ්. හී ප්‍රධාන විධායක නිලධාරී කිරිල් දිමිත්‍රිව් පැවැසීය.
රුසියාවේ ‘ස්පුට්නික් V’ නිෂ්පාදනය කිරීමේ සියලු මූල්‍ය වියදම් දරන ලද්දේ රුසියාවේ ආයෝජන අරමුදල වන ‘රෂියා ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් (ආර්.ඩී.අයි.එෆ්)’ අරමුදල යි.
ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා මිලියන 100 නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගම සමඟ අත්සන් තබන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන අතර එම අරමුදල ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ තවත් සමාගම් පහක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.
රුසියාවේ ආයෝජන අරමුදලට අනුව මේ වනවිට ස්පුට්නික් V’ එන්නත රටවල් 59ක අනුමැතිය හිමි වී ඇත.
හින්දුස්තාන් ටයිම්ස්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දීය සමාගමක් ස්පුට්නික් V නිෂ්පාදනයට සැරසෙයි