IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ඉන්දු-ශාන්තිකර හවුලට බංග්ලාදේශයත්

ඉන්දු-ශාන්තිකර සහයෝගීතාවට බංග්ලාදේශය ඇතුළත් කරගැනීමට ඉන්දියාවේ අවධානය යොමු වී තිබේ.

බංග්ලාදේශය සමඟ සම්බන්ධතා ජාලය ශක්තිමත් කරගැනීම සඳහා ඉන්දියාව මේ වනවිට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

බංග්ලාදේශ නිදහස් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 26 සහ 27 දෙදින බංග්ලාදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිත අතර එහිදි ඉන්දු-ශාන්තිකර සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

මේ මස මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සහභාගීත්වයෙන් දෙරට අතර පාලමක් ද විවෘත කෙරුණු අතර එය ‘‘මෛත්‍රී-සේතු’’ යනුවෙන් හැඳින්වේ. ඊට අමතරව මෙය මිත්‍රත්වයේ පාලම යනුවෙන් ද හැඳින්වේ. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඊට සහභාගී වූයේ විඩියෝ තාක්ෂණය ඔස්සේ ය. මේ පාලම හරහා බංග්ලාදේශයේ චිතගොං වරායට පිවිසීම ද පහසු වනු ඇතැයි පැවසේ.

මෙම පාලම කිලෝමීටර 1.9කින් දිගින් යුක්ත වන අතර ෆෙනී ගංඟාව හරහා ඉදි කර තිබේ. මෙම පාලම මගින් ඉන්දියාවේ ත්‍රිපුර සහ බංග්ලාදේශය සම්බන්ධ වේ. ඊට අමතරව මෙම පාලම මගින් ඉන්දියාවේ සබ්රූම් සහ බංග්ලාදේශයේ රාම්ගාර් ද සම්බන්ධ වේ.

මීට අමරතව දෙරට අතර තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාවේ ‘අසල්වැසියට ප්‍රමුඛතාව’ සහ ‘නැගෙනහිර දෙස බලනු’ විදේශ ප්‍රතිපත්තිය යටතේ මෙම ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)



අදහස් (0)

ඉන්දු-ශාන්තිකර හවුලට බංග්ලාදේශයත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site