IMG-LOGO

ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි

ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ඉක්වදෝරය, 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අනිවාර්ය කර තිබේ. එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලැබ සිටින නිසි වයස් කාණ්ඩයේ සියලු දෙනා එන්නත අනිවාර්යයෙන් ලබා ගත යුතු බවත්, එන්නත ලබා නොගැනීමට අවසර ඇත්තේ කිසියම් රෝගාබාධයක් ඇති අයට පමණක් බවත් රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඉක්වදෝරයේ 'කොවිඩ් 19' වයිරසය බිහිසුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින අතර, 'ඔමික්‍රෝන්' වැනි නව විකෘති ප්‍රභේද ද එරටින් වාර්තා වෙයි. එහෙයින්, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන් හැර, එන්නත් ලබා ගැනීමේ වයස් කාණ්ඩයේ පසුවන සෙසු සියලු දෙනා එන්නත අනිවාර්යයෙන් ලබා ගැනීම කළ යුතු යැයි  සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඉක්වදෝර් රජය පැහැදිලි කර තිබේ.

ඉක්වදෝරයේ අවුරුදු පහට වැඩි සියලු දෙනාට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සිදුවෙයි. මේ වනවිට ඉක්වදෝර් ජනගහනයෙන් සියයට 77.2 කට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දී අවසන් බව වාර්තා වේ. ඊට අමතරව, මේ වනවිට 9,00,000 කට තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත හිමිවී ඇත.

එන්නත්වලින් සිදුවන්නේ 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂාවක් ලැබීම බවත්, වයිරසය ආසාදනය වූ විට සංකූලතා හට ගැනීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමට බවත් ඉක්වදෝර සෞඛ්‍ය අමත්‍යාංශය ජනතාවට නිකුත් කළ නිවේදනයේ පැහැදිලිව දැක්වෙයි.

ඉක්වදෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රටේ ජනතාවගේ සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගෙන යෑමට තීන්දු තීරණ ගැනීමට රජයට අයිතිය ඇත. ඒ අනුව, එම අයිතිය සහතික කරමින් එන්නත් ලබා දීම සහ ලබා ගැනීම අනිවාර්ය වෙයි. ඔස්ට්‍රියාව සහ ජර්මනිය ද ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව, මෙවැනි තීරණ ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ වනවිට ඉක්වදෝරයේ එන්නත් කාඩ්පත ද අනිවාර්ය කර ඇත. එන්නත් කාඩ්පත නොමැතිව අවන්හල්, සිනමාහල්, වෙළෙඳසැල් ආදී පොදු ස්ථානවලට යෑමට ජනතාවට හැකියාවක් නොලැබේ.

ඉක්වදෝර සමාජයේ මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ව්‍යාප්ත වෙමින් පවතී. වේගයෙන් ව්‍යාප්ත වුවත්, 'ඔමික්‍රෝන්' විකෘතිය 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නොවන බව මේ වනවිට තහවුරු වී ඇත.  ලතින් ඇමෙරිකා කලාපයට 'කොවිඩ් 19' පැමිණීමත් සමඟ දරුණු ලෙස වසංගතයෙන් බැටකෑමට පටන් ගත් රටක් ලෙස ඉක්වදෝරය සැලකෙයි. මේ වනවිට එරටින් වාර්තා වන 'කොවිඩ් 19' මරණ ගණන 33,600 කි.

(රොයිටර්)



අදහස් (0)

ඉක්වදෝරයේ කොවිඩ් එන්නත අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 269 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 141 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1777 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site