IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


86 දි සරසවි වරම්

විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ඒකායන අරමුණින් 15 වැනි වතාවටත් විශ්වවිද්‍යාල තරග විභාගයට ඉදිරිපත්වූ 86 වියැති පුද්ගලයෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

වැන්ග් ෂියා නම් වන මෙම පුද්ගලයා චීනයේ විශ්වවිද්‍යාල සදහා සිසුන් ඇතුළත් කරගැනීමට පැවැත්වෙන ගාවෝකෝ විභාගයට පෙනීසිට ඇත්තේ 1949 වසරේදීය.එතැන් පටන් 14 වතාවක්ම ඔහු නොයෙක් වර විභාගයට පෙනී සිට ඇත.නමුත් ඒ කිසිම අවස්ථාවකදී විභාගයෙන් සමත්වීමට ඔහුට හැකියාවක් ලැබී නොමැත.

මෙවර 15 වැනි වතාවටත් විභාගයට පෙනී සිටි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ මෙවර තමන් අනෙක් සියලූ අවස්ථාවලට වඩා සූදානම්ව විභාගයට මුහුණදුන් බවයි.

වැන්ග් ෂියා වෙදකමෙහි දක්ෂයෙකු වන බව පැවසේ. නමුත් ඔහුට වෛද්‍ය උපාධියක් නොමැත.මෙනිසා ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ වෛද්‍ය උපාධියක් ලබාගැනීමටය.

ඔහුගේ උත්සාහයට ගෞරව කරනු වස් 2007 වසරේදී චීනයේ නැන්ජින්ග් වෛද්‍ය විද්‍යාලය ඔහුට ගෞරව උපාධියක් පිරිනමා ඇතත් එයින් සෑහීමකට පත්වීමට ඔහුගේ කැමැත්තක් නැත. වෙසෙවී තමන්ම උපාධිය ලබාගත යුතුයැයි ඔහු දැඩිව අදිටන් කරගෙන සිටී.

ගාවෝකෝ විභාගය චීනයේ අති දුෂ්කරම විභාග අතුරින් එකක් ලෙස සැළකෙන අතර ලක්ෂ 90 ක සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල වරම් දිනාගැනීමේ අරමුණින් ඊට ඉදිරිපත් වෙති. චීනයේ අධ්‍යාපන පහසුකම් ඇත්තේ ලක්ෂ 69 ක සිසුන් පිරිසකට පමණක් වන හෙයින් විශ්වවිද්‍යාල වරම් දිනාගැනීමට සිසුන් අතර පවතින්නේ දැඩි තරගයකි.

29718EAB00000578-3115741-Determined_Wang_Xia_86_has_sat_the_entrance_exams_10_times_since-a-3_1433784046360[1] 29718EC400000578-3115741-Tenacious_He_has_failed_every_time_but_says_he_has_prepared_thor-a-4_1433784050329[1] 29718EE400000578-3115741-Warm_welcome_Mr_Wang_who_is_believed_to_be_the_oldest_candidate_-a-6_1433784059705[1] 29718EEA00000578-3115741-No_stopping_him_His_family_said_that_he_should_continue_taking_t-a-7_1433784064803[1]

 



අදහස් (0)

86 දි සරසවි වරම්

ජනක Wednesday, 10 June 2015 10:28 AM

එකට ලංකාවේ ඔක්කොම මැති ඇමතිවරුන්ට ගෞරව උපාධි තියනවා.(ම)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 09 June 2015 10:56 AM

ඉගෙනීමට වයස් සීමාවක් නැත. අප සැමදාම ඉගෙන ගනිමින් උගන්වමින් සිටිමු...(ම)

:       0       0

චමින්ද Thursday, 11 June 2015 03:14 AM

හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න ලොක්කෙක් වෙන්න වාසනාව ලැබේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 06:42 AM

උත්සාහවන්තයා ජයගනී කවදා හෝ දවසක. (නි)

:       0       0

ගයාන් Tuesday, 09 June 2015 07:33 AM

ඉසුරන්දි, කතාව ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 479 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site