IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා

බ්‍රසල්ස්හිදීය (රොයිටර්)
 
යුරෝපා සංගමයේ සාමාජික රටවල් හයක් ඔවුන්ගේ ජාතික අයවැය සැකසීමේදී එම සංගමයේ නීතිරීති කඩකරනු ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි. 
 
යූරෝ මුදල් ඒකකය භාවිත කරන කලාපයේ මෙම රටවල් යුරෝපා සංගමයේ අයවැය හිඟය පිළිබඳ නීතිරීති කඩකරනු ඇතැයි ද යුරෝපා සංගමයේ අවශ්‍යතාව මත රාජ්‍ය ණය කපා හැරීමට එම රටවල් අසමත්වනු ඇතැයි ද යුරෝපා සංගම් කොමිසම කියයි. මේ අනුව එම රටවල් ගොන්නට ඉතාලිය, ප්‍රංශය සහ බෙල්ජියම ද අයත්ව තිබේ. 
 
ග්‍රීසිය හැර යුරෝපා සංගමයේ සියලු රටවල් ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සැලසුම්වල කෙටුම්පත් යුරෝපා කොමිසම විසින් විශ්ලේෂණය කරනු ලැබ තිබේ. එහිදි යුරෝපා සංගමයේ සාමාජික රටවල් අයවැය හිඟය  සහ රාජ්‍ය ණය පිළිබඳ සීමාවලට අනුව කටයුතු කරනු ඇත්දැයි සලකා බලයි. 
 
ජර්මනිය, ලිතුවේනියාව, ලැට්වියාව, ලක්ෂම්බර්ග්, ෆින්ලන්තිය, නෙදර්ලන්තය, එස්තෝනියාව, අයර්ලන්තය, සයිප්‍රසය, මෝල්ටාව සහ ස්ලෝවැකියාව යන රටවල් යුරෝපා සංගමයේ නීතිරීතිවලට සම්පූර්ණව හෝ පුළුල් ලෙස අනුකූලව කටයුතු කර ඇතැයි ද කොමිසම කියයි. 

එහෙත් ඉතාලිය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ස්ලෝවැනියාව යන රටවලට යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමට නොහැකි වීමේ අවදානමක් ඇති වී ඇතැයි යුරෝපා කොමිසම කියයි. එම රටවල් ගොන්නට ප්‍රංශය ද අයත් යැයි ද කොමිසම තවදුරටත් කියයි. 

යුරෝපා සංගමයේ නීතිරීතිවලට අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ට අඩු අගයකත් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 60කට අඩු අගයකත් පවත්වා ගත යුතුය. 
 
055



අදහස් (0)

අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 808 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 341 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site