මිනිස් සම ස්පර්ෂ සංවේදී තිරයක් බවට (ටච් ස්ක්‍රින්) බවට හරවා ජංගම දුරකථනයක කාරියත්, සාක්කු පරිගණකයක කාරියත් ඉටුකරදීමේ සමත් වළල්ලක් නිර්මාණය කිරීමේ කටයුතු වල බි‍්‍රතාන්‍යය සමාගමක් යෙදී සිටී.
‘සික්රෙට්‘ නමින් හැදින්වෙන මේ වළල්ලේ අන්තර්ගත කර ඇති ක්ෂුද්‍ර ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක් මෙසේ වළල්ල පැළද සිටින්නාගේ අතෙහි සම මත ස්පර්ෂ සංවේදී තිරය මවයි. තිරය මත තැබෙන ඇගිල්ලේ පිහිටීම හදුනාගැනෙන්නේ වළල්ලේ ඇති තවත් සංවේදක රාශියක් මගිනි.
මේ සංවේදක හා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ කටයුතු යාමනය වන්නේ වළල්ලේ ඇති කුඩා ප‍්‍රමාණයේ මධ්‍ය සැකසුම් ඒකකයකිනි. රැහැන් රහිත අන්තර්ජාල තාක්ෂණය සදහා වන මෙවලමක්, බ්ලූටූත්, වළල්ල පරිගණකයක් හා සම්බන්ධ කරවිය හැකි මුහුණතක් ආදී පහසුකම්ද වළල්ලේ ඇත.
සික්රෙට් දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට භාවිතා කළ හැකි බව නිර්මාපකයෝ කියති.අව්ව වැස්ස යැයි කියා වෙනසක් එයට නැත.
වළල්ලේ පරීක්ෂණ ආකෘතියක් ඉදිරි සති කිහිපයේදී එළිදැක්වීමට සැළසුම් කර තිබේ.ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇතත් ඇපල් හා වෙනත් සමාගම් දැන් ඉදිරිපත් කරමින් සිටින අත් පළදනා වලට ‘සික්රෙට්‘ හොද තරගයක් දෙනු ඇතැයි විචාරයකින් අදහස් පළ කරයි.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමට තව වැඩක් පැවරේ
බන්දුල ඩි. සිල්වා - අම්බලන්ගොඩ Sunday, 14 December 2014 09:47 AM
පිළිකා වැනි මාරාන්තික උවදුරුවලට ගොදුරුවීමට හේතු නොවේ නම් පමණක්, මෙයත් තවත් හොඳ තාක්ෂණික ගවේෂණයක්. මානව ශිෂ්ටාචාරයේ නව පිටුවක ආරම්භයක් බව ඉඳුරාම පිළිගත යුතුයි. (ර)
විදුර Wednesday, 17 December 2014 04:49 AM
හම සුදු නම් හොදයි. නැත්තම් පේන එකක් නැහැ. (නදී)
තිලක් Sunday, 14 December 2014 11:41 PM
අපි තාක්ෂණයේ දියුණුව වෙත මිරිඟුවක් පසුපස එකිනෙකා පරයා තරඟයට දුවමු. ඒ දිවීම සඳහා සල්ලි අවශ්‍යය. (නි)
එරංග Sunday, 14 December 2014 11:53 AM
මේවා දකිද්දී මතක් වෙන්නේ විද්‍යා ප්‍රබන්ද සහ ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුන සිනමා පටයන්ය, මේ නව නිපෙයුම් ලෙස කරලියට එන්නේ මිනිස් සිතක අසිරියම නෙවේද ? මේ අසිරිය සේම සත හට යහපත පිණිසම යෙදවේවා. (නදී)
තරිදු Monday, 15 December 2014 02:39 AM
අනේ එරංග, සාධු සාධු සාධු!!!