IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩු ගුවන් වැසිකිළියක් රුපියල් ලක්ෂ 24890

පොළවේ සිට සැතපුම් 265 ක් ඉහළ අභ්‍යාවකාශයේ පිහිටි අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටිනා ගගනගාමීහු වැසිකිළි යන්නේ කෙසේදැයි ඔබට ගැටලූවක් ඇත්නම් එයට පිළිතුරු ඇමරිකා විද්‍යාඥ හෑන්ක් ග්‍රීන් දැන් ලබා දී ඇත.

අභ්‍යාවකාශයේ ඇති වස්තු සියල්ලටම පෘථීවිය මත තිබුණු තත්ත්වයන් තවදුරටත් බලනොපායි. මෙය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටත් පොදුය.

ලොකුම වෙනස වන්නේ ගුරුත්වයක් නොමැති වීමය.

මෙනිසා අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ වෙසෙන්නන්ට පෘථීවියේ පුරුද්දට ආහාර ගැනීම, ඇවිදීම, නිදා ගැනීම කළ නොහැක.මෙම කටයුතු වලට වැසිකිළි යෑමද ඇතුළත්ය.

වැසිකිළි යෑම ගැන වැඩිදෙනා කතා නොකළද එය කිසිසේත් නොසළකා හැරිය නොහැකි කටයුත්තක් බව විද්‍යාඥ හෑන්ක් ග්‍රීන් පෙන්වා දේ.

මෙනිසා විද්‍යාඥයින්ට අලූතින්ම සිතීමට සිදුවූ බව ඔහු කියයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මලපහ කිරීම සදහා එක් වැසිකිළියකුත් මුත්‍රා පහ කිරීම සදහා වැසිකිළියක් නොව උපකරණයකුත් නිපදවී ඇත.

මලපහ කිරීම සදහා යොදාගැනෙන වැසිකිළි පෝච්චියේ මුවවිටෙහි විශ්කම්භය අඟල් 4 ක් පමණය.අප ගෙදර දොර ඇති වැසිකිළි පෝච්චි වල ප්‍රමාණය සැළකූ විට මෙය කෙතරම් කුඩා දැයි සිතාගත හැකිය.

මෙවන් කුඩා විවරයක් ඇති පෝච්චියක් පැවැතීමට හේතුව පැහැදිලි කරනා විද්‍යාඥ ග්‍රීන් පවසන්නේ මුවවිට විශාල වැසිකිළි පෝච්චියක් තිබුණහොත් මධ්‍යස්ථානයේ පවති ශුන්‍ය ගුරුත්වය නිසා අපද්‍රව්‍ය පිටතට යෑමේ ඉඩක් පවතින බවයි.

පෝච්චිය උඩ හිඳ ගැනීමද ලෙහෙසි නැත. කැමරාවක් ආධාරයෙන් පශ්චාත් භාගය වැසිකිළි පෝච්චියට උඩින් ‘‘ස්ථානගත‘‘ කර ගැනීමට මුලින්ම එහි හිඳගන්නාට සිදුවේ. ශරීර කෘත්‍යය කර ගත හැක්කේ ඉන් පසුවය.

මෙම පෝච්චි වල ජලය නොමැති අතර ඇත්තේ එයට සවිකළ වූෂක යන්ත්‍රයකි. ශරීර කෘත්‍යයේ යෙදී අවසාන වූ පසු කරන්නට ඇත්තේ චූෂක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම වන අතර මල අපද්‍රව්‍ය ඇදගන්නා එම යන්ත්‍රය ඒවා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිටත ඇති ටැංකියක තැන්පත් කරවයි.

මුත්‍රා පහ කිරීමේ කටයුත්ත මීට වඩා වෙනස්ය. ඒ සදහා පුනීලයක් යොදාගැනෙන අතර එහිද ඇත්තේ චූෂක උපකරණයකි. ඇදගන්නා මුත්‍රා පෙර අවස්ථාවේ සේම පිටත ඇති ටැංකියක ගබඩා කෙරේ.

මෙම වැසිකිළි හා කැසිකිළි වල මිල ගණන්ද එසේ මෙසේ ඒවා නොවේ. එක් වැසිකිළි පෝච්චියක් ඩොලර් ලක්ෂ 190 (රුපියල් ලක්ෂ 24890) සිට ඉහළට මිල කර තිබෙන අතර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඇති මුලූ වැසිකිළි හා කැසිකිළි පද්දතියේම වටිනාකම ඩොලර් ලක්ෂ 2500 (රුපියල් ලක්ෂ 327500) ක් පමණ වේ.

මුත්‍රා පිරිසිදු කර ජලය නිපදවාගැනීමේ පද්දතියක්ද මධ්‍යස්ථානයේ තිබෙන අතර එම ජලය පානය කිරීමට හා ස්නානය කිරීමට යොදාගැනේ.

ඉදිරියේදී මුත්‍රා යොදාගෙන විද්‍යුතය නිපදවා ගැනීමේ ක්‍රමයක්ද හදුන්වාදීමට නාසා ආයතනය සැළැසුම් කර ඇත.

මලපහ වලට නම් කුමක් කළ යුතුව ඇත්දැයි තවමත් කිසිවෙකුටත් අදහසක් නොමැත.

1407335985252_wps_4_Toilet_camera_PNG 1407336374729_wps_10_ISS_Toilet_Malfunctions_A 1407336378712_wps_11_Expedition_33_Commander_Small 1407336382358_wps_12_International_Space_Stati



අදහස් (0)

උඩු ගුවන් වැසිකිළියක් රුපියල් ලක්ෂ 24890

රොකී Saturday, 09 August 2014 02:02 AM

බිම ඉන්න මිනිස්සුන්ට හෙල්මට් දාගන ඉන්ඩ වෙයිද? (නදී)

:       0       0

යුගන්ත Saturday, 09 August 2014 02:06 AM

ඒකත් නරකම නැහැ (නි)

:       0       0

අමිල Saturday, 09 August 2014 04:29 AM

බලාගෙන වැකුම් එකට මොනවා ගලෝගෙන යයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site