සිරියාවේ අල් අසාර් පාලනයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුද්ධයට එක් කර ගැනීමට ඇමෙරිකාවේ වොෂින්ටන් අග නුවර සෞදි තානාපතිවරයකුව සිටි බන්දාර් සුල්තාන් කුමරු ලොකු බලපෑමක් කරයි.

ඔහු ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් පස් දෙනකුටම බලපෑම් කළ හැකි වූ බලගතු පුද්ගලයෙක් විය.

සෞදි රජුගේ බෑනා කෙනකු වන ඔහු සෞදි රජයේ බුද්ධි අංශ ප්‍රධානියාය.

සිරියාවේ පෙරලිකරුවනට පුහුණුව හා අවි ලබා දී බෂාර් අල් අසාද් රජය පෙරළීමේ උත්සාහයක යෙදී සිටින බන්ධාර් මේ මාසයේදී රුසියාවේ ක්‍රෙම්ලින් අගනුවරට ගොස් ව්ලැඩ්මීර් පුටිං ජනපතිගේ සහාය අසාද්ට නොදෙන ලෙස ඔහු පොළඹවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

අසාක්ලේ රජය සාරීන් විෂ ගෑස් යොදා මිනී මරතියි මුලින්ම කියා සිටියේ මන්දාර්ය.

ඔහු ඒ බව වොෂින්ටනයේ ඔහුගේ සගයකු බව ඇඩෙල් අල් ජුබෙයිර් නව තානාපති මගින් බරක් ඔබාමාට විශේෂ පණිවුඩයක් මකින් සැල කළේය.

ඔහු මෑදී තම උත්සාහයට සහාය ලබා ගැනීස සදහා ලන්ඩනයට හා පැරිසියට ගියේය.

2003දී ඉරාකය ආක්‍රමණය කරන ලෙස ඇමෙරිකාවට බලපෑම් කළ බන්ධාන් කුමරු 1980 දී ඉරාණ කොන්ට්‍රා ත්‍රස්තවාදී ගනුදෙනුවට ද හවුල් විය.

ඉරාණයට අවි තහනමක් පනවා පතිබියදී ඇමෙරිකාව ලවා ඉරාණයට හොරෙන් විකිණීමත් නිකර ගුවාවේ ත්‍රස්ත වාදියනට ආධාර දීසත් එම ගනුදෙනුවට අයත් විය.