IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෞදිය - එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයට තිරිඟු පිටි යවයි

සුඩානයට තිරිඟු පිටි ටොන් 540,000ක් යැවීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත. 

දීර්ඝ කාලයක් මුළුල්ලේ සුඩානය පාලනය හෙබ වූ ඕමාර් අල් බෂීර් බලයෙන් නෙරපා දැමීමත් සමඟ සුඩානයට ආධාර ලබාදීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පොරොන්දු විය. මෙලෙස තිරිඟු පිටි එවීමට එම රටවල් පියවර ගෙන ඇත්තේ එම පොරොන්දුවලට අනුවය. ඉදිරියේදී සුඩානයට තවත් ආධාර ලබාදීමට එම රටවල් තීරණය කර ඇත. 

“සුඩාන ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතා සලකා බලමින් මාස තුනක කාලයක් සඳහා තිරිඟු පිටි ටොන් 540,000ක් ලබාදීමට පියවර ගත්තා” යැයි සෞදි අරාබියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ටොන් 140,000 ක පළමු තිරිඟු පිටි තොගය නැව් ගත කර සුඩානයට පිටත් කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. 

බෂීර් බලයෙන් නෙරපා දැමීමත් සමඟ සුඩානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක ආධාර ලබාදීමට තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයේ රටවල් දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය පොරොන්දු විය. සුඩානයට තිරිඟු පිටි යැවෙන්නේ ඒ අනුවය. 

සුඩාන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාදීමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මූල්‍ය වටිනාකමක් සහිත ආහාර, ඖෂධ සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ලබාදීමටත් එම රටවල් දෙක සුඩානයට පොරොන්දු විය.

කෙසේ නමුත් එම මුදල් ත්‍යාගයක් හෝ ණය මුදලක් ද යන වග කිසිදු රටක් නිශ්චිතව සඳහන් කළේ නැත. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

සෞදිය - එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුඩානයට තිරිඟු පිටි යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site