කම්මැලියන්ට හිසරදයක් වන තාලයේ ‘එලාම්‘ ඔරලෝසුවක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමාගමක් සමත්ව ඇත.
රැයේ නින්දට යන්නා සකස් කළ වේලාවට පසුදින උදයේ එලාම් නාදය නිකුත් කරන මේ ඔරලෝසුව අනතුරුව කාමරය පුරා රවුම් ගැසීමටද පටන් ගනී.මේ කන්කරච්චලයෙන් බේරීමට නම් කම්මැලිකමට ඇදේ ගුලිවී නොසිට බිමට පැන ඔරලෝසුව අල්ලා එය ක්‍රියාවිරහිත කළ යුතුය.නොඑසේනම් එය දිගින් දිගටම කාමරයේ රවුම් ගසමින් එලාම් නාදය නිකුත් කරමින් සිටිනු ඇත.
පොළව මට්ටමෙන් උස් ස්ථානයක සිට බිමට වැටුණද මේ ඔරලෝසුවට කිසිදු හානියක් සිදු නොවන බව නිර්මාපකයින් කියයි.ඔවුන් එසේ සදහන් කරන්නේ බොහෝ පුද්ගලයින් සිය එලාම් ඔරලෝසු ඇද ආසන්නයේ කනප්පුවක් වැනි පොළව මට්ටමේ සිට උස් ස්ථානයක තැබීමට පුරුදුව ඇති හෙයිනි.එලාම් නාදය නිකුත් කරගෙනම එවන් උස් ස්ථානයක සිට වුවද ‘බිමට පැනීමට‘ මේ ඔරලොසුව සමත් බව ඔවුන් කියයි.
මේ ‘පැනීම්‘ හා ‘රවුම් ගැසීම්‘ වලට උදවු වන්නේ ඔරලෝසුවට සවිකර ඇති රෝදය. ඒවා එලාම් නාදය නිකුත් වීමත් සමග ක්‍රියාත්මක වන ඇටවුමකට සම්බන්ධ කර ඇත.
මෙම නිර්මානයට ඉතා හොද ප්‍රතිචාර ලැඛෙමින් පවතින බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
අනේ මටත් 5ක් ඕනෑ (දී)
අපෝ මම නං ඕක ගන්නේ නැහැ (නි)
පස්ස පැත්තට එලිය වැටෙනකන් නිදාගන්න, ලෝකෙන් ණයට කකා බටහිරට බැන බැන ඉන්න පුරුදු වෙලා ඉන්න අයට මේක නියමයි. (නි)
මේක රාජ්‍යය සේවකයන්ට නොමිලේ බෙදා දෙන්න.මොකෝ උදේ 9 වැඩට වාර්තා නොකර ඉන්න කම්මැලි රාජ්‍යය සේවකයන්ට මේක මරු. (නි)
ගිය අවුරුද්දේ රාජ්‍යය ආයතන වල පාඩුව කෝටි 18500. මේක නිකන් බෙදා දුන්නත් පාඩු නැහැ. (නි)
ඔය කට්ටිය එක එක දේවල් කිවුවට ඕක ලංකාවට එනකොට එයාලගෙයි අපෙයි දෙගොල්ලන්ගෙම සොහොන් වල ගසුත් පැලවෙලා ඇති (නි)
රවුම් ගහන ගමන් වටේට වතුර විදින්නත් පුළුවන් වුනා නම් අපේ අයව ඇඳෙන් බස්සව ගන්න පුවන් වෙයි.(නදී)
මරු.(නදී)
කකුලේ ශක්තිය උරගා බලාවි (දී)
ආනන්ද ආර් ගේ කතාව හරියට හරි. මටත් මේ වගේ 1ක් තිබුනොත් හොඳයි මෙහෙ 4.45 ට නැගිට්ටොත් විතරයි වෙලාවට බස් එක අල්ලලා වැඩට යන්න පුළුවන් වෙන්නේ. උදේට නැගිටින්න හරිම කම්මැලියි.(නදී)