රිච්ටර් මාපාංක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් පැසිපික් සාගරයේ වනාටු දේශයට ඔබ්බෙන් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ භූ කම්පනයේ අපි කේන්ද්‍රය වනාටු දිවයිනට කිලෝමීටර් 535ක් ගිණිකොන දිගින් සහ සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
මරණ හෝ අලාභහානි කිසිවක් වාර්තා වී නැත.
පැසිපික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයෙන් නිකුත් කළ ප්‍රාදේශීය සුනාමි තත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීම පසුව අවලංගු කර තිබෙන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූ තැටි චලන ත්‍රීව්‍රරතාව වර්තමානයේ ගොඩක් වැඩිවෙලා.