මෙවර නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුසුම පුද්ගලයා ඉරාන ජනපති හසන් රොව්හානි බව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්‘ පුවත්පත කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ එම සමීක්ෂණය බදාදා (9) උදෑසන නිල වශයෙන් සමීක්ෂණය අවසන් කැරණි.;
ගාඩියන් පුවත්පත යෝජනා කළ අපේක්ෂකයන්ගෙන් සියයට 70 දෙනා තෝරාගෙන ඇත්තේ ඉරාන ජනපති හසන් රොව්හානිවය. එහි දෙවන ස්ථානය ලැබී ඇත්තේ පාකිස්ථාන ළමා ක්‍රියාකාරිනි මලාලා යූසොෆ්සායිට ය.
මම සමීක්ෂණය නොබෙල් ත්‍යාග කමිටුවේ තීරණයන් වෙනස් කිරීමට හේතු නොවන බවද වාර්තා සඳහන් කරයි.
බටහිර සමඟ අන්‍යෝනය සම්බන්ධකම් හා තේරුම් ගැනීමක් අවශ්‍ය බවට මෑතකදි රොව්හානි කළ ප්‍රකාශයට බොහෝ ප්‍රශංසා ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබෙල් කමිටුව කොහොමටවත් ඕක පිළිගන්න එකක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මේ ත්‍යාගය හිමි විය යුත්තා මලාලාටයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. මලාලාගේ අධිෂ්ඨාන ශක්තියටත්, නිර්භීතකමටත් නොබෙල් ත්‍යාග 10ක් දුන්නත් මදි (නි)