IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රස්නය වැඩිනම් බබා ඉක්මනට එයි

දරු උපත් ඉක්මන් කිරීමට අධික රස්නය ද හේතුවක් බව පර්යේෂකයෝ කියති. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ට වඩා වැඩි වූ විට කාන්තාවන් දරුවන් බිහිකිරිම නියමිත දිනට වඩා දින හතරක සිට හතක් දක්වා කාලයකින් ඉක්මන් වීම සියයට 27කින් වැඩි වී ඇතැයි ද එම පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

ඔවුන් මේ බව පවසන්නේ 1981 සිට 2010 දක්වා මොන්ට්‍රියල් නගරයේ සිදුවූ උපත් ලක්ෂ තුනක දත්ත පදනම් කරගනිමිනි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ දරු ගැබට වයස සති 37ට වඩා අඩුනම් උෂ්ණත්වයේ බලපෑමක් නැති බවයි.

අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇත්තේ කළලයට වසය සති 37 ක්හෝ 38 ක් ව උපදින ළමුන් වැඩි වශයෙන් ස්වසන ආබාධ වලින් පෙළෙන අතර නොමේරූ උපත් මළ දරු උපත් වීමට ඇති ඉඩකඩ බොහෝ බවයි.

මෙම අධ්‍යනයේ ප්‍රධානි මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය නතාලි ඕගර් පවසන්නේ උෂ්ණත්වය ඉහළ යෑම මගින් ඇතිවන ආතතිය හේතුවෙන් ගර්භනී සමයේ  ගර්භාෂයේ සංකෝචනය වීම වැඩිවී තාප යාමනයට අඩු බලපෑමක් වන බවයි.

නතාලි පවසන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් ශරිර විජලනය වී ගර්භාෂයට සපයනු ලබන රුධිර සැපයුම අඩුවීම හේතුවෙන් පිටියුටරි ග්‍රන්ථියේ හෝර්මෝන නිකුත්වීම හේතුවෙන් ප්‍රසූතිය ඉක්මන් වන බවයි.



අදහස් (0)

රස්නය වැඩිනම් බබා ඉක්මනට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site