(බී බී සී පුවත් ඇසුරිණි - 085)
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පතිත කර ඇතැයි වාර්තා වේ. ඉන් මිසයිල තුනක්ම වැටී ඇත්තේ ජපානයට පමණක් අයත් ආර්ථික කළාපයටය.
දකුණු කොරියාවේ හමුදා අංශ පවසන්නේ උතුරු කොරියා චීන උතුරු දේශසීමාවේ පිහිටි ටොංචංග්- රී කළාපයෙන් මෙම මිසයිල ගුවන් ගත කර ඇති අතර මිසයිල කුමන වර්ගයේ ඒවාද යන්න පැහැදිලි නැති පවයි.
උතුරු කොරියාවට කවර වර්ගයක හෝ මිසයිල පරීක්ෂා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරනු ලැබ ඇත.
COMMENTS
උතුරු කොරියාව මෙලෙස ලෝකයේ බලවත් රටවලට තම න්‍යෂ්ටික ශක්තිය මවා පෙන්වීමට යාමෙන් වන්නේ තමාගේ විනාශය ඉක්මනින් ළගා කර ගැනීඉමක්මිස තම රටේ ශක්තිය ලොවට පෙන්වීමක් නොවේ. ඉරාකයට මීට වසර 14 කට පෙර සිදුවූ විනාශය ට වඩා විනාශයක්මොවුනට සිදුවනු නියතය. උතුරු කොරියාවට මෙසේ වීමට ප්‍රදානම හේතුව අත්දැකීම් බහුල නායකයෙකු ඔව්නට නොමැති වීමයි.