IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාකයේ බෝම්බ පිපිරීම් දෙකක්

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර මධ්‍යයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් සියගණනක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

මෙම බෝම්බ පිපිරුම් දෙකෙන් එක් පිපිරීමක් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සදහන් කර තිබෙන අතර, අනෙක් බෝම්බය මෝටර් රථයක ඇටවූවක් බව එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

ඉරාකයේ අයිඑස් ත‍්‍රස්තයින් අත්පත් කරගෙන සිටින අවසන් බලකොටුව ලෙස සැළකෙන මොසුල් නගරය මුදා ගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක වෙමින් පවතින මෙම අවදියේ දී සිවිල් වැසියන් ඉලක්ක කර සිදුවන බෝම්බ ප‍්‍රහාර වල ඉහළ යෑමක් දැකගත හැකි බව යුද නිරීක්ෂකයෝ පවසති.

මොසුල් නගරය අහිමි වීම යනු අයිඑස් ත‍්‍රස්තයින්ගේ ඉස්ලාමික කැලිපේට සිහිනය සදහටම බොදවී යාමකි.කැලිපේටය පිහිටවනු වස් ඔවුන් අත්පත් කරගෙන සිටි පෙදෙස් බොහෝමයක් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් මුදවා ගැනීමට ඉරාක ආරක්ෂක අංශ සමත්ව ඇත.

ඉරාක අගමැතිවරයා පවසා ඇත්තේ එළැඹෙන අපේ‍්‍රල් මාසය වන විට අයිඑස් ත‍්‍රස්තයින් ඉරාකයෙන් සම්පූර්ණයෙන්ම එළවා දැමිය හැකිවනු ඇති බවය.එය එසේ වුවත් අනතුරුව එල්ල විය හැකි අයිඑස් ගරිල්ලා ප‍්‍රහාරයන්ට ඉරාකය සූදානමින් සිටින යුතු බවට විචාරකයෝ අනතුරු අගවති.

ඉරාක හමුදා සහ ඇමරිකා ආරක්ෂක අංශ එක්ව අයිඑස් ත‍්‍රස්ත මර්දන මෙහෙයුම දියත් කර තිබෙන අතර, මෙම මෙහෙයුම දෙවැනි වන්නේ ඉරාකයේ හිටපු පාලක සදාම් හුසේන් බලයෙන් පහ කිරීම සදහා ඇමරිකාව දියත් කළ මෙහෙයුමට පමණක් බව විදෙස් වාර්තා වල සදහන්ය.


 

 



අදහස් (0)

ඉරාකයේ බෝම්බ පිපිරීම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site