IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්

පැපුවා නිව්ගිනියාවේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන්ම යට කරමින්  සිදු වූ දරුණු නායයාමකින් පුද්ගලයන් හැටක් පමණ මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඊයේ (25) පැවසීය. දකුණුදිග පැපුවා නිව්ගිනියාවේ උස්බිම් පිහිටි ප‍්‍රදේශයක පෙරේදා(24) උදෑසන මෙම දරුණු නායයෑම සිදුවී ඇත. නායයෑමෙන් මියගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර පුද්ගලයන් විසිදෙනකු අතුරුදන්ව ඇති බව සහන සේවකයෝ පැවසූහ. ‘නිවාස හතළිස් දෙකක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා. මේ වන විට දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් කිහිපදෙනෙක් පමණයි. අනෙක් අය ව්‍යසනයට ගොදුරුවී තිබෙනවා.මියගිය පිරිස කොතෙක්දැයි තවමත් නිශ්චිතවම කියන්න බැහැ’ යනුවෙන් පැපුවා නිව්ගිනියා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ටින් මෝසි පැවැසීය. අසල පිහිටි ස්වභාවික ගෑස් නිපදවන ඇමෙරිකානු තෙල් සමාගමක් ද නාය යෑම නිසා වසා දමා ඇති බව වාර්තා වේ.  නායයෑමට ලක් වූ ප‍්‍රදේශය



අදහස් (0)

පැපුවා නිව්ගිනියාවේ නායයෑමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site