කවගොයිහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තම පළමු ආසියා සංචාරය ආරම්භ කරමින් අද (5) ජපානයට පැමිණියේය.
විදෙස් මාධ්‍ය ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ආසියානු සංචාරය ‘මැරතන් ආසියානු සංචාරය’ යනුවෙන් නම් කර තිබූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ආසියානු සංචාරය ආරම්භ කරනුයේ උතුරු කොරියාවත් එක්සත් ජනපදයත් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන කාලයකදීය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන් නිසා උතුරු කොරියාවත් ඇමෙරිකාවත් අතර පසුගිය මාස කිහිපයේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ජපානයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ටෝකියෝ අගනුවර ආසන්නයේ වන යොකෝටාහි තිබෙන ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය. එහිදී සාමය හා ආරක්ෂක නිදහස වෙනුවෙන් අවශ්‍ය හමුදා සම්පත් වෙන් කිරීම තහවුරු කරන බව සොල්දාදුවන් හමුවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා පොරොන්දුවක් ද දුන්නේය.
ඇමෙරිකා ජනාධිපතිවරයකු වසර 25කට පසු ආසියාවේ නිරත වන දීර්ඝතම සංචාරය ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස ආරම්භ කරන ලදි. මෙම සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ජපානය, දකුණු කොරියාව, චීනය, වියට්නාමය, පිලිපීනය යන රටවලට යෑමට නියමිතය. ඒ අතරවාරයේදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට ද නියමිත බව පැවසේ. පුටින් ජනාධිපතිවරයා සමඟ උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ආසියානු සංචාරයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුව, අග්නිදිග ආසියානු රටවල සංවිධානයේ 50 වැනි සංවත්සර සමුළුව හා ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව හා ඉන්දියාව ද ඇතුළත් නැගෙනහිර ආසියානු සමුළුව යන සමුළුවලට ද සහභාගී වීමට නියමිතය.
“කිසිවකුට, කිසිදු ඒකාධිපතියකුට, කිසිදු රෙජිමයකට ඇමෙරිකාවේ අධිෂ්ඨානය හා විශ්වාසය අවතක්සේරු කළ කරන්න බැහැ” යැයි ඇමෙරිකා හා ජපාන සේනාංකවල අත්පොළසන් හමුවේ ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජපානයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමඟ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වීමට ද නියමිතය.
අවසන් වරට ආසියාවේ දීර්ඝ සංචාරයක නිරත වූයේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ් බුෂ්ය. ඔහු 1991 වසරේ අගභාගයේදී සහ 1992 වසරේ මුල් කාලයේදී ආසියානු සංචාරයක නිරත විය. ඩොනල්ඞ් ට්‍රම්ප් දින 12ක් ආසියාවේ රැඳි සිටීමට නියමිතය.
055
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ගේ ආසියානු සංචාරය ඇරැඹේ
ධම්ම Sunday, 05 November 2017 02:37 PM
ශ්‍රී ලංකාවටත් ඇවිල්ලා හිටං අපවත් බලලා යන්නකෝ සර්....
bamunuarachchi Sunday, 05 November 2017 03:08 PM
“කිසිවකුට, කිසිදු ඒකාධිපතියකුට, කිසිදු රෙජිමයකට ඇමෙරිකාවේ අධිෂ්ඨානය හා විශ්වාසය අවතක්සේරු කළ කරන්න බැහැ” ඒකට අපි! වරද දාන්න කලින් වරද භාර ගන්නවා.