IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ දෙවන විශාලතම දිවයින වන මින්දනාඕ දිවයිනට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් බලපා ඇතැයි වාර්තා වේ.

පිලිපීන වැසියන් මාර්ග හරහා දිවයමින්, රෝගීන් රෝහල්වලින් ඉවත්වෙමින්, පාරිභෝගිකයන්  සාප්පු සංකීර්ණවලින් ඉවතට යමින් කලබලකාරී ලෙස හැසිරී ඇතැයිද, ඔවුන් කම්පනයට පත්ව සිටි බවද පැවසේ.

මෙම භූ කම්පනය කිලෝමීටර් 40ක පමණ දුරක් දක්වා භූමි ප්‍රදේශයකට බලපා ඇති අතර බරපතල හානි කිසිවක් වාර්තා වී නොමැත.

භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් මතුවූයේ නැතත්, විශාල හානි සිදුවිය හැකි ආකාරයේ ප්‍රබල පසු කම්පනද ඇති විය හැකි බවට බලධාරීහු අනතුරු අඟවති.

සිද්ධියට මුහුණදුන් අයෙකු පැවසුවේ එය ඉතා ඉක්මන් මෙන්ම ප්‍රබල භූ කම්පයනක් වූ බවයි.

1990දී  රික්ටර් මාපක 7.7ක පමණ භූ කම්පනයක් පිලිපීනයට බලපා තිබූ අතර 2,000ක පමණ පිරිසක් මිය ගියහ.

(ඩේලි මේල් ඇසුරිනි)
 16844



අදහස් (0)

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site