පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පාකිස්තාන රජයෙන් විමසීමක් කර ඇත. පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයට පහර දුන්නේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානාවලින් නම් එය එම යානා මිලදී ගැනීම සඳහා ඇමෙරිකාව සහ පාකිස්තානය අත්සන් තබන ලද ගිවිසුම උල්ලංඝණය කිරීමක් යැයි ද පැවසේ.
ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදා නොගත් බවත් පාලන ප්‍රදේශ සීමාව පසු කළ ඉන්දීය ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කළේ ආත්ම ආරක්ෂාවට යැයි ද පාකිස්තානය සඳහන් කරයි.
“ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදාගත් බවට තොරතුරු අනාවරණය වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලනවා. ආරක්ෂක ගිවිසුම් උල්ලංඝණය කර තිබෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා” යැයි පාකිස්තානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඇමෙරිකාව ඔවුන් අපනයනය කරන හමුදා උපකරණ, යානා යනාදිය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සීමා පනවන අතර ඒ සම්බන්ධයෙන් අදාළ රටවල් සමඟ ගිවිසුම්වලට ද අත්සන් තබයි.
රොයිටර් ඇසුරිනි
055
COMMENTS
තමන්ගේ ගුවන් සීමාව තුළට එන යුධ, ගුවන්යානා වලට ඇමරිකාවෙන් මිලදී ගත්ත ගුවන් යානා යොදා ගෙන පහර දීලා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නත් තහනම් නම් , මෙම යුද ගුවන් යානා වලින් කරන්න පුළුවන් ගුවන් යානා සංදර්ශන පවත්වන එකද? හොඳම දෙය රුසියන් යානා මිලදී ගන්න එකයි.
නොබෙල් තෑග්ගට ඇහැ ගහගෙන හිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක තරගෙට ඉම්රාන් ඛාන්ගේ නමත් ගෑවෙනවිටම මට ඉවෙන් මෙන් තේරුණා ඇමෙරිකාව මේකට මොනව හරි අංචියක් අදියි කියලා. ඒක තමයි මේ කරලියට එන්න හදන්නෙ.