ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර මුඩුක්කු සංකීර්ණයක පෙරේදා (18) හදිසියේ හටගත් මහා ගින්නකින් පුද්ගලයන් හත් දෙනකු මියගිය අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ගින්න හටගත්තේ හයිද්‍රාබාද් නුවර සිට කිලෝ මීටර් 30 ක් දුරින් පිහිටි මුඩුක්කුවකය.
මුඩුක්කුවේ තාවකාලිකව අටවා ගත් පැල්පත්වල ජීවත් වූයේ බිහාර්, බටහිර බෙංගාලය, ආන්ද්‍රා ප‍්‍රදේශ් ආදී ප‍්‍රාන්තවල ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය.
ගින්න ඉක්මනින් පැතිර ගිය බවත් එය නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දැරූ බවත් ඉන්දීය එන්.ඞී.ටී. පුවත් සේවා වාර්තා කරයි.
ගින්න හටගත් අවස්ථාවේදී ගිනි නිවන හමුදා භටයන් පැමිණීමට පෙර ගින්න නිවා දැමීමට උත්සාහ කළ පිරිස් ගින්නට හසුවී බරපතළ ලෙස තුවාල ලැබූ අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කර ඇත.
මියගිය අය අතර කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු සිටින බව පොලිසිය පවසයි. පිළිස්සුම් තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ගෑස් කාන්දුවක් නිසා ගින්න හට ගෙන ඇතැයි සිදුකළ පරීක්ෂණවලින් හෙලි වූ බව ගිනි නිවන භටයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිද්‍රාබාද් නුවර මුඩුක්කුවක මහා ගින්නකින් 7 ක් මරුට