IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ෆේස්බුක් හරහා කොරෝනා බොරු පළ වෙනවා

'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා 'වැරදි තොරතුරු' හුවමාරු වන බවත්, 'කොවිඩ් 19' වසංගතය සේම එම 'වැරදි තොරතුරු' ද ජනතාවට අහිතකර බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙයි.

'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් තවමත් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ එන්නත්කරණ වැඩසටහන ඉතා වේගයෙන් සිදුවන අතර, ප්‍රාන්ත බොහොමයක වයිරස ව්‍යාප්තිය පාලනය වී ඇතැයි ද පැවැසෙයි.

මේ වනවිට ඇමෙරිකාවේ ඩෙල්ටා විකෘති ප්‍රභේදය ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති අතර, එම නිසා නගර කීපයකින් යළිත් ආසාදිතයන් වැඩි වීමට පටන්ගෙන ඇත. ආසාදිතයන් වැඩි වී ඇත්තේ සෞඛ්‍ය අංශ පනවා තිබුණු තහංචි ලිහිල් කිරීමෙන් පසුවය.

මේ අතර, එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන පිරිසක් ද සිටින බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් බවත් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. වැරදි සෞඛ්‍ය තොරතුරු මෙවුන් සමාජගත කරන්නේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යැයි ජෝ බයිඩන් පවසයි.

'කොවිඩ් 19' වයිරසය ගැනත්, එන්නත් ගැනත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් වැරදි තොරතුරු සමාජයට අහිතකර බවත් කොරෝනා මරණ ඉහළ යෑමට මෙම වැරදි තොරතුරු ඉවහල් වන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

වැරදි තොරතුරු සමාජගතවීම වැළැක්වීමට නම් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා නියාමනයක් සිදුවිය යුතුයැයි ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ෆේස්බුක් හරහා කොරෝනා බොරු පළ වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site