IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇමෙරිකාව නඩු පවරන්න යයි

නිව්යෝක් ඇතුඵ අමෙරිකාවේ ප්‍රාන්ත 40 කට අධික සංඛ්‍යාවක් ෆේස්බුක් ආයතනයට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට සැලසුම් කර ඇත.

ඒ සාධාරණ නොවන අන්දමින් ව්‍යාපාරික තරඟකාරිත්වය පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙනි.

මෙය දැවැන්ත තාක්ෂණික සමාගමකට එරෙහිව මෙම වසරේ අමෙරිකාවේ පැවරෙන දෙවැනි නඩුව වේ.

එමට අධිකරණ දෙපාර්තමේන්තුව ඇල්ෆබට් ආයතනයේ ගූගල් උපආයතනයට එරෙහිව ඉකුත් ඔක්තෝබර් මාසයේ නඩුවක් ගොනු කළේය.

කෙසේ වුවත් ෆේස්බුක් ආයතනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පවසන්නේ දැවැන්ත තාක්ෂණික සමාගම් ඇතුළු තරඟකරුවන් රැසක් තම ආයතනයට සිටින බවයි.

වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාල අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ එම ජාල වඩාත් ව්‍යාප්ත වීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍යය සහාය වී ඇති බවයි.

-226-
(රොයිටර් ඇසුරෙනි)



අදහස් (0)

ෆේස්බුක් ආයතනයට එරෙහිව ඇමෙරිකාව නඩු පවරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site