IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක නිරත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උන් වහන්සේ විසින් ඇන්ටනනාරිවෝ අගනුවර පැවැත්වූ දේව මෙහෙයට මිලියනයකට  ආසන්න   පිරිසක් සහභාගී වී ඇති අතර  එරට ඉතිහාසයේ දේව මෙහෙයක් සඳහා විශාල පිරිසක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයවේ‍.

ඉතා සුළු පිරිසක් වරප්‍රසාද හිමි ධනවත් ජීවිතයක් ගත කරන බවත් රටේ බහුතර ජනතාව දරිද්‍රතාවයෙන් පීඩා විඳින බවත් උන්වහන්සේ පවසා සිටියහ.

සුළු පිරිසකට වරප්‍රසාද හිමි සංස්කෘතිය හෙළා දකින බවත් රට තුළ සිදුවන සියලු දූෂණ නැවැත්වීම නායකයන්ගේ වගකීම බව  ද පාප්වහන්ස‍ෙ පැවසූහ.

“අප අවට බලන විට, පුරුෂයින්, ස්ත්‍රීන්, තරුණයින් සහ ළමයින් කොපමණ සංඛ්‍යාවක් දුක් විඳිනවාද?”  පාප්තුමා අවධාරණය කළශ.
 
ෆ්‍රැන්සිස් පාප්තුමෝ රටවල් තුනක සංචාරයකට එක්වි සිටින අතර මැඩගස්කරයට පැමිණීමට ප්‍රථම මොසැම්බික් රාජ්‍යයේ සංචාරය එක්වූහ.

මැඩගස්කර සංචාරෙයන් පසු මුරුසි රාජ්‍යය සංචාරෙයන් පාප්වහන්සේගේ අප්‍රිකානු සංචාරය නිමාවනු ඇත.
 
226
(රොයිටර් ඇසුරෙනි)



අදහස් (0)

ෆ්‍රැන්සිස් පාප්තුමා මැඩගස්කරයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 811 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 519 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site