සුළගේ ජලවාෂ්ප එකතු කර ජලය ලබා දීමේ සමත් විසල් මල් පෝච්චියක පෙනුමින් යුතු අපූරු නිර්මානයක් නිපදවීමට ඉතාලි ජාතික නිර්මාපකයෙක් ඉදිරිපත් වී සිටියි.
‘වර්කාවෝටර්‘ නමින් හැදින්වෙන මෙම ව්‍යුහය අඩි 30 ක් පමණ උස් වන අතර එහි සැකිල්ල සම්පූර්ණයෙන්ම ගොඩනඟා ඇත්තේ උණ බම්බු ආධාරයෙනි.උණ බම්බු සැකිල්ල වැසී යන සේ විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් තනා ඇති ඇතිරිල්ලක් අතුරා ඇති අතර එයට වාතයේ ඇති ජල වාෂ්ප එක්රැස් කර ගැනීමේ හැකියාව ඇති බව සදහන්ය.
එළිමහන් ස්ථානයන්හි හොදින් සුළගේ ගැටෙන පරිදි තැනින් තැන තබා දිනයක ඇවෑමෙන් පමණ පසු මෙයින් ගැලූම් 25 ක් පමණ ජල ප්‍රමාණයක් එක්රැස්කර ගත හැකියැයි පැවසේ.
‘වර්කාවෝටර්‘ නිර්මානය කර ඇත්තේ අපි්‍රකාවේ දිය පොදක් සොයාගැනීමට පවා අපහසු අති දුෂ්කර ප්‍රදේශ ඉලක්ක කර වන අතර 2015 වන විට එවන් ප්‍රදේශ පුරා මෙය ඛෙදාහැරීමට අපේක්ෂිතය.
සුළගින් ජලය ‘උත්පාදනය‘ කර දීමේ මේ උපාංගය සෑදීමට වැය වනුයේ ඩොලර් 500 ක පමණ මුදලකි.ඉදිරියේදී ස්වදේශිකයින්ට ඔවුන්ටම මෙය නිර්මානය කර ගැනීමේ දැනුම ලබාදීමට වර්කාවෝටර් නිර්මාපකයා අදහස් කරගෙන සිටී.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුළඟෙන් වතුර ගනී
රෝයි Monday, 07 April 2014 09:31 PM
දිය පොදක් වෙමින් තොල් වියලුනු පිපාසෙට, " මේ තමයි ජීවමාන දෙවිවරු, (දී)
කුමාර Thursday, 10 April 2014 09:53 PM
සීගිරියේ තිබුනේ මෙම තාක්ෂණයද? (නදී)