ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීම “කිසිසේත් පිළිගත නොහැකි යැයි” ද දෙපාර්ශවයම ඉන් වැළැකී ඉවසීමෙන් කටයුතු කළ යුතු යැයි ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අද (30) පැවැසීය.
ඉරාන විදේශ අමාත්‍යවරයා මුණ ගැසීමෙන් අනතුරුව හෙතෙම ඒ බව කීය.
“එවැනි ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගන්න බැහැ. එමෙන්ම එයින් කිසිවකුටත් පලක් වෙන්නේ නැහැ. එම නිසා ඉන් වැළැකී සිටින්නැයි අපි දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලනවා.
මෙවැනි දේ සිදුවීමෙන් ඉරාකයේ සහ සිරියාවේ ආරක්ෂක සහ දේශපාලන තත්ත්වය අස්ථාවර අතට හැරෙනවා. ඒ වගේම එය අසල්වැසි රටවලටත් බලපෑම් එල්ල කරනවා” යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය මොහොමඞ් ජවාද් සරීෆ් අතර හමුවක් අද (30) මොස්කව් නුවරදී පැවැත්විණි.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘හිස්බුල්ලා සංවිධානයට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාර පිළිගන්න බැහැ‘‘