IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හලෝ බැටරිය චාජ්කරන්න මළපහ

මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සොයාගැනීමට බි‍්‍රතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

ඔවුන් පවසන්නේ මිනිස් මෙන්ම සත්ත්ව මළපහවල සිටිනා බැක්ටීරියාවන් මේ සඳහා යොදාගත් බවයි.

මළපහ වල සිටිනා බැක්ටීරියාවන් නිර්වායු බැක්ටීරියා ලෙස හඳුන්වන අතර එම බැක්ටීරියා ස්වසනය සදහා ඔක්සිජන් භාවිතා කිරීමක් සිදුනොකරයි.වෙනස්ම ආකාරයකට ස්වසනය කරන මෙම බැක්ටීරියා එසේ ස්වසනය කරන විට ඉලෙක්ට්‍රෝන ධාරාවක් උපදින බව සොයාගෙන ඇති මේ පර්යේෂක පිරිස කර ඇත්තේ එක් එක් බැක්ටීරියාවගෙන් ලැබෙන ධාරාවන් එකතු කර බැටරි ආරෝපණය සදහා යොදාගැනීමයි.

නමුත් මේ ක‍්‍රමයට බැක්ටීරියාවක් වැනි ඉතා කුඩා ජීවියෙකුගෙන් වැඩි විදුලියක් නිපදවා ගත නොහැකි බව සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට වුවද හොඳීින්ම අවබෝධ වන්නකි.

මේ බව පර්යේෂකයින්ද පිළිගනී.ඔවුන් පවසන්නේ තවදුරටත් පර්යේෂණ කිරීම මගින් බැක්ටීරියා නිපදවන විදුලි ධාරාව තවත් වැඩිකර ගත හැකි ක‍්‍රමයක් සොයාගත හැකි වනු බවයි.

තමන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කළේ ඉවත ලන අපද්‍රව්‍යයකින් ඉදිරියේදී ලොව උද්ගතවිය හැකි ශක්ති අර්බුදයකට පිළියම් සෙවීමේ අරමුණ ඇතිව බව ඔවුන් කියයි.

මින් පෙර අවස්ථාවක බි‍්‍රතාන්‍යයේම බි‍්‍රස්ටල් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් පිරිසක් සුලූ දියෙන් ආරෝපණය වන ජංගම දුරකථනයක් එළිදැක්වූහ.

ඔවුන්ද පවසා සිටියේ ළග එන ලකුණු පෙනෙන ශක්ති අර්බුදයට දැන් දැන්ම සූදානම් වී සිටිය යුතු බවයි.

2345F7D000000578-0-Researchers_have_found_a_natural_process_that_occurs_within_bact-8_1416327417647-(1) 234641BE00000578-2839558-Dr_Ioannis_Ieropoulos_is_pictured_at_the_Bristol_Robotics_Labora-26_1416329471803



අදහස් (0)

හලෝ බැටරිය චාජ්කරන්න මළපහ

උපුල් Saturday, 22 November 2014 02:28 PM

මම හිතන්නේ ඒක තමා වැසිකිලි යන්න අවශ්‍ය වුණා. පිටිපස්සෙන් විදුලි කොටනවා වගේ දැනෙන්නේ. බැක්ටීරියා වැඩ කරනවද කොහෙද ? (ස)

:       0       0

ධනංජය Saturday, 22 November 2014 06:59 AM

අපේ ෆොන් චර්ජ් කර ගන්න පුළුවන්ද?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 21 November 2014 11:28 AM

අනේ නොදකින් මගේ බට්ට්රිය බැස්සොත් පොන් එක පොළොවේ ගැහුවත් ඔය චාජරේ නම් මට එපා (අ)

:       0       0

දීප්ත Sunday, 30 November 2014 06:19 PM

දැන් ඉතින් දුරකතන වල නමත් මාරුකරන්න වෙයි වගේ ‍මීට ගැළපෙන ලෙසට (නි)

:       0       0

රන්ජිත් කුලතුංග පැරිස් Thursday, 20 November 2014 06:41 PM

ඕවා මොනවද? ලංකාවේ අපේ අය ඉන්නේ මළපහ කරන තැනින් රත්‍රන් එළියට එන. බටහිර රටවලට වඩා අපේ ආසියාව දියුණුයි (නි)

:       0       0

හසන් Thursday, 20 November 2014 09:10 AM

මේක විතයි ඉතිරිව තිබුණේ. එකත් ගත්ත එහෙනම් (දිල්)

:       0       0

හසන් Thursday, 20 November 2014 09:10 AM

මේක විතරි ඉතිරිව තිබුණේ. එකත් ගත්ත එහෙනම් (දිල්)

:       0       0

උදාර Friday, 21 November 2014 07:25 AM

හොඳ සොයා ගැනීමක්.(හේ)

:       0       0

සිසිර Friday, 21 November 2014 07:26 AM

නියමයිනේ.(හේ)

:       0       0

දිලීප සඳරුවන් Monday, 24 November 2014 11:09 AM

ගොඩක් හොද වැඩක්. අරපිරිමැස්මට හොදයි.(හේ)

:       0       0

හිරාන් Thursday, 20 November 2014 10:20 AM

සාර්ථක වුනොත් හොදයි.(හේ)

:       0       0

ජයලත් Thursday, 20 November 2014 10:22 AM

මේක හැදුවොත් නම් ඉන්දියාවට මරේ මරු ! ජාතික ප්‍රශ්නයක් නිකම්ම විසඳෙනවා ! (බ)

:       0       0

රුවන් Thursday, 20 November 2014 10:29 AM

ඉන්දියාවේ බලශක්ති අර්බුදය ඉවරයි.(හේ)

:       0       0

ඉසුරු Saturday, 22 November 2014 06:03 AM

නියමයි (නදී)

:       0       0

රානි Friday, 21 November 2014 04:27 PM

ඔය සොයා ගැනීම සාර්ථකනම්.. බැටරිය බැස්සම බැටරි වයර් දෙක මලපහ එන තැන ගහ ගත්තම ඉවරනේ..බන්දුල පෙරේරා ඔයා මේ ක්‍රමය කරලා බලන්න.(අ)

:       0       0

සෝනි Monday, 24 November 2014 04:05 AM

රානිගේ කටේ මසුරන් දාන්න ඕන. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site