ලොව ප‍්‍රබලම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් දෙකක් ලෙස සැලකෙන ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍යලේකම් හිලරි ක්ලින්ටන් නිල සංචාරයක් සඳහා ඊයේ(06) ඉන්දියාවට පැමිණියාය. මෙම සංචාරයේදී දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සහ අධ්‍යාපනික සහයෝගීතාව නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ඇය පැවසුවාය. ආසියාවේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව මූලෝපායික වශයෙන් වැදගත් පාර්ශවකරුවකු ලෙස ඇමෙරිකාවට වැදගත් වන බව ක්ලින්ටන් වැඩිදුරටත් පැවසුවාය. ඇය ඉන්දියාවට පැමිණ සිටින්නේ ඉරාන වෙළෙඳ නියෝජිත පිරිසක් මේ සති අන්තයේදී ඉන්දියාවට පැමිණීමට සූදානම්ව සිටින මොහොතකය. ඇමෙරිකාවට මේ වනවිට අවස්ථා කිහිපයකදීම ඉරාන-ඉන්දීය තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කර ඇති අතර ඉරානය සම්බන්ධයෙන් සම්බාධක ද පනවා ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
හිලරි ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරයක
ශ්‍රීලාල් Tuesday, 08 May 2012 03:38 AM
අනේ මන්දා තමන්ගේ රටවල් වල වැඩ නැද්ද කියලා
සුභාෂිණි Monday, 07 May 2012 12:21 PM
ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර නිරීක්ෂණය කරන්න වෙන්න ඇති
ලලිත් Monday, 07 May 2012 09:01 PM
ලංකාවට තවත් ලෙඩක් වැටෙයි වද්ද?