IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොරු කටුගේ චිත්‍ර රැගෙන යති

චිත්‍ර කලාව හදාරන සිසුන් පිරිසක් ලෙස පෙනී සිටි සොර මුලක් දකුණු අපි්‍රකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර සමූහයක් සොරා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එම චිත්‍ර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් ලක්ෂ 20 (රුපියල් ලක්ෂ 2640) ඉක්මවන බව සදහන් වේ. චිත්‍ර කලාව හදාරන සිසුන් ලෙස පවසමින් කෞතුකාගාරයට ඇතුළු වී ඇති සොරුන් චිත්‍ර කිහිපයක නම් සදහන් කරමින් තමන්ට ඒවා නැරැඹිමට අවශ්‍ය බව පවසා ඇත. ඒවා පෙන්වීමට ඔවුන් කැදවාගෙන යන අවස්ථාවේ සගවාගෙන සිටි ගිනි අවි එළියට ගෙන ඇති සොරුන් කෞතුකාගාරයේ සිටියවුන් බිය ගන්වා ඔවුන් ගැට ගසා චිත්‍රද රැගෙන පලා ගොස් තිබේ. කෞතුකාගාරයේ තිබූ චිත්‍ර අතුරින් සොරුන් රැගෙන ගොස් ඇත්තේ තෙල් සායමින් අඳින ලද චිත්‍ර බව කෞතුකාගාර ආරංචි මාර්ග කියයි. සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති අතර සොරුන්ට රටින් පිටවීමට ඇති මාර්ගද ඇහිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. (කෝ වි ගු)



අදහස් (0)

හොරු කටුගේ චිත්‍ර රැගෙන යති

ස්වර්ණ Tuesday, 13 November 2012 01:13 PM

ලංකාවෙනම් මෙච්චර කරදර වෙන්න ඕනි නෑ .අපේ අය ගෙන් කලින් උපදෙස් ගන්න තිබුණේ (ස)

:       0       0

මුතු Tuesday, 13 November 2012 01:29 PM

මම හිතුවා හරි. මේවා ලංකාවෙන් දුන්න් ආදර්ශ. (ස)

:       0       0

සන්ජීව Tuesday, 13 November 2012 02:40 PM

අපේ රටේ වෙච්ච දේ වගේ නෙමෙයි . මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක් (ස)

:       0       0

නිලන්ත Tuesday, 13 November 2012 02:50 PM

1.ලංකාව 2. ස්පාඤ්ඤය 3. දකුණු අප්‍රිකාව (නි)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:36 PM

අහල පහල බීඩි කොට තියෙනවද ?? (ස)

:       0       0

මධූ Tuesday, 13 November 2012 04:27 PM

හොඳ‍ වෙලාවට කඩු අරන් ගිහින් නෑ (ස)

:       0       0

චමින්ද Wednesday, 14 November 2012 10:50 AM

ඒකනම් ඉතින් හොරකමක් තමා . ඒ උනාට මෙහෙ එහෙම නෙමෙයිනේ වෙන්නෙ????(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site