IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


හිරකරු පොලිස් පරීක්ෂක මරණින් බේරයි

කළ වරදට තමන් සිරගත කිරීමට ගිය පොලිස් නිළධාරියාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ තරුණයෙකුගේ පුවතක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.

ජමාල රුට්ලෙජ් නම් වන මේ තරුණයා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියෙකි.ඔහු සිරගත කිරීමට තීරණය වී තිබුණු අතර ඒ සදහා වූ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු වල ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා නිරතව සිටියේය.

එක්වනම ඔහු පපුව අල්ලාගෙන වේදනාවෙන් කෑ ගසමින් අසුනින් බිමට වැටුණි.හිස පොළවේ වැදී ඔහු සිහිසන් විය.වෙනකෙකු මේ අවස්ථාවේදී ලද අවසරයෙන් පලා යනු ඇති වුවත් ජමාල් එසේ නොකළේය.

හේ වහාම හඬ නගා අනෙක් පොලිස් නිළධාරීන්ට අඩ ගැසීය.ඔවුන් පැමිණ තම සගයා රෝහල් ගත කළෝය.

රෝහලේදී අනාවරණය වූයේ පොලිස් නිළධාරියාට හදිසි හෘදයාබාධයක් වැළද ඇති බවය.තව මොහොතක් හෝ පමා වී නම් ඔහුගේ ජීවිතයට අනතුරක් වීමේ හැකියාව තිබුණු බව වෛද්‍යවරු පැවසූහ.

සිරගත කරන්නට ගිය ජමාල් අද ෆ්ලොරිඩා පොලිසියට වීරයෙකි.ඔහුගේ වීරත්වය ප‍්‍රසිද්ධියේ ඇගයීමට උත්සවයක්ද සංවිධානය කිරීමටත්,ඔහුගේ දඩුවම සීමා කිරීමටත් බළධාරීහු කටයුතු කළෝය.

 

 



අදහස් (0)

හිරකරු පොලිස් පරීක්ෂක මරණින් බේරයි

සමන් Thursday, 22 January 2015 08:30 AM

රවී අදාල නෑ නේද ඔයා ලියපු දේ ? (නදී)

:       0       0

රවී Wednesday, 21 January 2015 04:55 AM

පසුගිය කාලේ අපගේ නායකයෝ ගහපු ගැහිලි එක්ක මේවා මොනවද. සාමාන්‍ය ජනතාව පපුවේ අමාරුවෙන් මිය නොගියේ පුරුවේ වාසනාවට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2204 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site