
ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා, සම්පූර්ණ ජයගඟණයක් ලැබෙන තුරු සටන් කිරීමට ඊශ්‍රායලයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය සහ අනුග්‍රහය හිමිවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරමයක් ලබන සඳුදා (4) ආරම්භ වේවි යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයෙන් අනතුරුවය.
ඇමෙරිකානුවන්ගෙන් සියයට 80 ක්, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී,ඊශ්‍රායල යුදෙව්වන්ගේ සහායට සිටිනවා යැයි ද ඇමෙරිකාවේ ජනමත සමීක්ෂණ උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
එසේ වුවත්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා ගණනාවකදී අනතුරු අඟවමින් පවසා ඇත්තේ, ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දැක්වුවත්, ඊශ්‍රායල හමාස් යුද්ධය දිග් ගැස්සෙන්නේ නම්, ඇමෙරිකාවෙන් ලැබෙන සහාය ඊශ්‍රායලයට අහිමි වනු ඇති බවය.
ඇමෙරිකාව, කටාර් රාජ්‍යය, ඊජිප්තුව පමණක් නොව, ප්‍රංශය ද මැදිහත් වී මේ වනවිට ඊශ්‍රායල හමාස් සටන් විරාමසයක් සඳහා සාකච්ඡා පැවැත්වීම සිදු කරයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට අනුව, එම සටන් විරාමයට ඊශ්‍රායල රජය මෙන්ම හමාස් සංවිධානය ද කැමැත්ත පළ කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හමාස් අවසන් කරන්න ඇමෙරිකාවේ සහාය